වසර 22 කට පසු
"ජිමින්ශී!! ජිමින්ශී..!!!"
"යාආආ මොකද?! ජන්ග්කුකා මං කියලා තියෙනවා මට ඔහොම කතා කරන්න එපා කියලා!" අමාරුවෙන් යන්තන් ඇස් දෙක ඇරලා ජන්ග්කුක් දිහා බලලා කිව්ව ජිමින් තව ටිකක් සෝෆාවෙ හරි බරි ගැහුනේ ආයිමත් නින්දට යන්න හිතාගෙන.
"ඔයා ඔය තාම ඇඳන් ඉන්නෙ ඊයෙ වැඩට ඇඳන් ගිය ඇඳුමම නේද? අඩුගානෙ ඊයෙ රෑට කෑවද? යාආආ ජිමින්ශී නැගිටනවා!!!!" ජන්ග්කුක් කොච්චර ජිමින්ව හොල්ලමින් කෑගැහුවත් ජිමින් නෙමේ ඇහැරුනේ. ජිමින්ව ඇහැරවන්න ක්රමයක් කල්පනා කරපු ජන්ග්කුක්ගෙ මූනෙ එවිල් හිනාවක් ඇදුනේ එක ක්රමයක් මතක් වුනු නිසා.
"මං හිතන්නෙ අදත් ඔයාට නිව්ස් එකක් ලැබුනෙ නැත්තන් මිස්ටර් චෝයි-"
"මිස්ටර් චෝයි?!!" හෙනයක් ගැහුවා වගේ එකපාරටම නිදාගෙන හිටපු සෝෆා එකෙන් කෙලින් වෙලා ඇස් දෙකත් ලොකු කරන් වාඩි වුනු ජිමින් පිස්සුවෙන් වගේ වටපිට බලලා එයාගෙ බෑග් එකත් කෝට් එකත් අතින් අරන් දොර දිහාවට දුවන්න ලෑස්ති වුනා. ඒත් ජන්ග්කුක් එයාව අල්ලලා නතර කර ගත්තා.
"හෝව්! හෝව්! ඔහොම ටිකක් ඉන්න. දැන් ඔය යන්න හදන්නෙ ඔය ඇඳුම ඇඳන්ද? අඩු ගානෙ මූන හොදගෙනවත් යන්න. එතකොට උදේ කෑම?"
"මං එහෙන් කන්නම්. මං යනවා බායි!" කිව්ව ජිමින් දොර දිහාවට වේගෙන් දිව්වා. ඒත් දොර ගාවදි එකපාරටම නැවතුනු ජිමින් ආපහු හැරිලා ජන්ග්කුක් දිහා බැලුවා.
"ඔහ් ඔයා යුනි යනකොට අනිවාර්යයෙන් කාලා යන්න හොඳේ. තව වැඩිය මහන්සි වෙන්නත් එපා. මතක ඇතුව කුඩේ අරන් යන්න වැස්සොත් එහෙම තෙමෙන්න නම් එපා." ජන්ග්කුක් හිස වැනුවම ජිමින් ආයිත් යන්න හදලා ආපහු ජන්ග්කුක් දිහා හැරිලා බැලුවා.
"අනිත් වැදගත්ම දේ, මට ආයි ජිමින්ශී කියලා අහුවෙන්නෙපා. මං ඔයාගෙ හියුන් හරිද?" ඇහිබැමකුත් උස්සලා ජිමින් කිව්වම ජන්ග්කුක්ට ඒකට හිනා ගියා.
"හරි හරි දැන් යන්න. මට නම් දැන් මිස්ටර් චෝයිගෙ මූන මැවිලා පේනවා." ආයිත් මිස්ටර් චෝයිගෙ නම ඇහුව සැනින් ජිමින් දොරත් ඇරගෙන එළියට දිව්වේ දොර වහන්නෙත් නැතුවමයි. තමන්ගෙ බොස්ට කොච්චර නම් ජිමින් බයද කියලා හිතුව ජන්ග්කුක්ට හිනා ගියා වගේම ජිමින් ගැන පුංචි දුකකුත් දැනුනා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්යන් දෙකක්. නීල මාණික්ය හා රක්ත මාණික්ය ලෙස හඳුන්වන මෙම මාණික්යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්ය...
