ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නා හිටියේ බූසාන් යන ගමන්. ඒ ටේහ්‍යුන්ගේ තවත් කාර් එකක් වුනු රතු පාට කාර් එකේ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වහලෙ හකුළලා තිබුනු නිසා හුළඟට ජන්ග්කුක්ගේ බ්ලොන්ඩ්න් කොණ්ඩෙ වැනෙන විදිහත්, මුහුණට එන කොණ්ඩ කැරලි මූන ගස්සලා ඉවත් කරන විදිහත් ටේහ්‍යුන් සැරින් සැරේ ආසාවෙන් බැලුවේ පාරටත් අවධානය යොමු කරමින්.
"ටේටේ, ඔයා අද කම්පැනියෙ නැති එක ප්‍රශ්නයක් නෑ කියලා හොඳටම ශුවර්ද? මං හිතුවෙ ඔයා තමයි සෙකට්‍රිව තෝරගන්නෙ කියලා." ජන්ග්කුක් කිව්වා.
"ඔව් සාමාන්‍යයෙන් මං තමයි. ඒත් අද මං ඒ වැඩ ටික මැනේජර්ස්ලට බාර දුන්නා. මට ඊටවඩා ඔයා වැදගත්." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අත අරන් හාදුවක් දුන්නා. ටේහ්‍යුන්ගේ මේ පුංචි පුංචි ආදරණීය වැඩ වලට ජන්ග්කුක් හැමවෙලේම රතු වුනා.
ගමනාන්තය වෙනකන්ම වැඩිය විශේෂ කතා බහක් සිදු වුනේ නෑ. ජන්ග්කුක්ගෙන් පාර අහමින් ගමනාන්තයට ළඟා වෙන කොට එයා අපහසුවෙන් ඉන්නෙ කියලා ටේහ්‍යුන්ට තේරුනා.
"Love? මොකද්ද ප්‍රශ්නෙ?"
ඒත් ජන්ග්කුක් කලේ 'මුකුත් නෑ' කියලා හඟවමින් හිස දෙපැත්තට වනපු එක. ඇත්තටම ජන්ග්කුක් කලබල වෙලා හිටියේ එයාගෙ ඇත්තම ගෙදර, ඇත්තම කිව්වොත් පුංචි පැල්පත දැකලා ටේහ්‍යුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා නොදන්න නිසා.
ඉක්මනින් එයාලා ජන්ග්කුක්ගේ ගෙදර ඉස්සරහට ආවම ජන්ග්කුක්ගේ ගෙදර දැක්ක ටේහ්‍යුන්ගේ හුස්ම නතර වුනා. මනුස්සයෙක්ට මේ වගේ පුංචි ගෙදරක ජීවත් වෙන්න පුලුවන්ද කියලා එයා කල්පනා කලා. ජන්ග්කුක්ගේ nervous මූන ටේහ්‍යුන්ට සැරින් සැරේ යොමු වෙන විදිහ දැක්ක ටේහ්‍යුන්ට සේරම තේරුනා. හුස්මක් හෙළපු එයා ජන්ග්කුක්ගේ පැත්තට හැරිලා එයාගෙ මූන අල්ල ගත්තා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
