ඒ සිද්දි කීපයෙන් පස්සෙ සති දෙක තුනක්ම ගෙවිලා ගියා. ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නව ස්ට්‍රෙස් නොකර ට්‍රේනින් කරන්න ආරක්ෂකයින්ට පුලුවන් වුනා. ඒ දෙන්නට දැන් ආරක්ෂකයො තරමටම දක්ශව සටන් කරන්න පුලුවන් වෙලා තිබ්බා.
අද ඉරිදාවක්. ජන්ග්කුක්ට විශ්වවිද්‍යාලයේ නිවාඩු දවස. ඒත් අත්‍යවශ්‍යම වැඩ කීපයකට ටේහ්‍යුන්ට අද vante එකට යන්න ඕන වෙලා තිබ්බා. උදේ ඉඳන්ම ටේහ්‍යුන් හිටියේ ඒ ගැන කන් කෙඳිරි ගාමින්. ජන්ග්කුක්ට නිවාඩු දවසේ එයත් එක්ක ඉන්න ටේහ්‍යුන්ට ඕන වුනා.
ඉතින් දැන් කම්පැනියට යන්න ලෑස්ති වෙලා ටේහ්‍යුන් හිටියේ පාඩම් වැඩ කරමින් ඉන්න ජන්ග්කුක්ගේ පිටිපස්සෙන් ගිහින් බදාගෙන එයාගෙ බෙල්ල වටා තොල් ගෙනියමින්.
"හ්-හියුන් ඕක නවත්තන්න." ජන්ග්කුක් කිව්වේ තවත් බෙල්ල පැත්තට ඇල කරලා ටේහ්‍යුන්ට එයාගෙ තොල් ඒ වටා ගෙනියන්න ඉඩ සලසමින්.
"ඔයත් මාත් එක්ක එන්නකෝ~ i'll miss you~" ජන්ග්කුක් හිනා වුනා.
"කොහොමද මං එන්නෙ? මොකද්ද ඔයාගෙ ප්ලෑන් එක?" ජන්ග්කුක් කිව්වම එයාගෙන් ඈත් වුනු ටේහ්‍යුන් සතුටින් ජන්ග්කුක් දිහා බැලුවා.
"ඒ කියන්නෙ ඔයා එනවා?!" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හිනා වෙලා හිස වැනුවා. ඊටපස්සෙ එයා ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ අත් දෙක ඔතා ගත්තා.
"මටත් ඔයා නැතුව පාළු දැනෙයි. තනියම මෙහෙ ඉන්න කම්මැලියි." ජන්ග්කුක් කිව්වා.
"හරි එහෙනම් හොඳට අහගන්න. මං කම්පැනියට ගිහින් ඔයාට කෝල් එකක් දෙන්නම්. ඔයා teleport power එකෙන් මගෙ කැබින් එකේ secret bedroom එකට ඔයාට පාඩම් වැඩ කරන්න ඕන පොත් ටිකයි ලැප් එකයි අරන් එන්න හරිද?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හිනා වෙලා හිස වැනුවා.
ඉතින් ප්ලෑන් කරපු විදිහටම වැඩේ සිද්ද වුනා. ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කැබින් එකේ සික්‍රට් රූම් එකේ සැනසිල්ලේ උදේ වරුවෙම පාඩම් කලා. ඒත් දවල් නම්..
"මිස්ටර් කිම්?" ටේහ්‍යුන්ව මුන ගැහෙන්න ෆයිල් ගොන්නක්ම අරන් ඇවිත් හිටපු ජෙනී ටේහ්‍යුන්ට කතා කලේ දෙවනි වතාවට. ඒත් ටේහ්‍යුන්ගේ ඇස් නිතරම ගමන් කලේ සීක්රට් රූම් එකේ දොර දිහාවට. මොකද ජෙනීගෙ ඇඟ ඇතුලෙ ඉන්න ඩාකන්ට ජන්ග්කුක්ගේ ඉව වැටිලා ඇත්ද කියලා එයා බය වුනා.

BẠN ĐANG ĐỌC
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...