විනාඩි කීපයක් ගෙවිලා ගියා, වෙච්ච දේ හිතා ගන්න බැරුව තාමත් ටේහ්‍යුන් කාර් එකේ ඩ්‍රයිවින් ශීට් එකේ වාඩි වෙලා සුක්කානමට අත් දෙකත් බර කරගෙන බරට වේගෙන් හුස්ම ගනිමින් හිටියා. කාර් එකේ හෙඩ් ලයිට් එකෙන් පැහැදිලිව පෙනෙන එයාගෙ කාර් එකට මීටර් කීපයක් ඈතින් ලේ විලක් මැද වැතිරිලා තියෙන සිරුර දිහාවට එයාගෙ ඇස් යොමු වෙලා තිබුනා. කලින් දැනුන අසාමාන්‍ය හැඟීම, ශක්තිය යම්තරමක් පහවෙලා තිබුනා.
වෙව්ලන අත් වලින් කාර් එකේ දොර ඇරගත්ත ටේහ්‍යුන් එයාගෙ වෙව්ලන කකුල් වලින් අර සිරුර දිහාවට ඇවිදන් ගියා. එතනට ළං වුනු එයාට වමනයට වගේ ආවෙ ඝට්ටනය හේතුවෙන් තැලී පොඩිවී විකෘති වී තිබූ සිරුර දැකලා. කොච්චර දැඩි පුද්ගලයෙක් උනත් ටේහ්‍යුන්ගේ හිත මේ වෙලාවෙ නම් සලිත වෙලා තිබුනා. හිතට ධෛර්ය ගත්ත එයා ඒ සිරුරට තාමත් පණ තියෙනවද බලන්න එයාට ළං වුනා. පුදුමයි! එච්චර ලොකු අනතුරක් වෙලත් එයාට දැනුනා ඒ සිරුරේ තවමත් දුර්වලව හදවත ගැහෙනවා කියලා.
තවත් දෙපාරක් හිතන්නැතුව ඒ කෙනාව රෝහලට අරන් යන්න හිතුව ටේහ්‍යුන් එයාව උස්සගන්න කියලා ඒ සිරුරට අත තියනකොටම අහසේ ලොකු විදුලි රටාවක් ගිහින් අකුණක් ගැහුවා. එකපාරට වුනු දෙයින් ගැස්සිලා අහස දිහා බලපු ටේහ්‍යුන් දැක්කෙ නෑ එයා ගාව තියෙන සිරුරේ නළල මත නිල් පැහැයෙන් සළකුණක් මතු වෙලා නැති වෙලා යනවා. ඒ වගේම එයාගෙත්, ඒත් ඒ නිල් පාටින් නම් නෙමේ. ඒ රතු පාට සළකුණක්. කොයි වගේ සළකුණක්ද කියලා නොපෙන තරමට ඇසිපිය සලන වේගෙන් ඒ සළකුණ ඇති වී නොපෙනී ගිය නිසා ටේහ්‍යුන්ට ඒක පෙනුනෙ නෑ.
මේ වතාවෙ ටේහ්‍යුන් ඒ කෙනාව එයාගෙ අත් දෙකෙන්ම උස්සගෙන එයාගෙ කාර් එක ගාවට දිව්වා. මේ වතාවෙ නම් කිසිම වෙනසක් ඒ දෙන්නගෙම සිරුරු වල සිදු වුනේ නෑ. පැසෙන්ජර් ශීට් එකේ දොර අමාරුවෙන් ඇරගත්ත ටේහ්‍යුන් ලේ වලින් නෑවිලා ඉන්න එක ගනන් නොගෙන ඒකෙන් අනිත් කෙනාව තියලා එයා වේගෙන් රියදුරු අසුනට දිව්වා. ඉක්මනින් කාර් එක හරවගත්ත ටේහ්‍යුන් සෝල් නගරයේ එයාගෙ පෞද්ගලික වෛද්‍යවරයාගෙ රෝහලට වේගෙන් රියපැදෙව්වා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
