ඒ සිද්දියෙන් පස්සෙ සතියක්ම ගෙවිලා ගියා. මේ සතියම ජන්ග්කුක් යුනිවත් එයාගෙ පාට් ටයිම් ජොබ් එකටවත් ගියෙ නැ. ජීයොන්ගේ අතුරුදහන් වීම පිළිබඳ පොලිස් පරීක්ෂණ කරන්න තිබුන නිසා සෝල් විශ්වවිද්‍යාලය සතියක් වහන්න තීරණය කරලා තිබුනා. ජන්ග්කුක් ඒ ගැන නම් ගොඩක් සතුටු වුනා. ඒකට හේතු දෙකක් තියෙනවා. එක තමයි අන්තිමට යුනි ගිය දවසෙ සිදු වුනු දේවල් එක්ක එයාට යුනි එකේ ළමයින්ට මුහුන දෙන්න බැරුව හිටියා. ළමයි එයාගෙ අසාමාන්‍ය ශක්තිය දැක්කා වගේම ජීයොන්ගේ යාලුවො එයාගෙන් කොයි මොහොතක හරි පළිගන්න බලාගෙන ඇති කියලා එයා හිතුවා. විශේෂයෙන් ටේහ්‍යුන් එයාව බදාගත්ත එකට එයාට ළමයින්ගෙන් මොන විදිහේ ප්‍රතිචාරයක් ලැබෙයිද කියලා එයා බය වුනා.
දෙක තමයි සතියක නිවාඩුවෙන් පස්සෙ යුනි එකේ විභාගයක් තියන්න නියමිතව තිබුනා. වෙන ළමයි නම් ඒ විභාගය වැඩිය ගනන් නොගත්තට, ඉගෙන ගන්න ගොඩක් ආස ජන්ග්කුක් ඒ සතියම එයාගෙ පාඩම් වැඩ වලට යොදවන්න පුලුවන් වෙන එක ගැන සතුටු වුනා. එයා පාට් ටයිම් ජොබ් එකෙනුත් සතියක නිවාඩුවක් ඉල්ල ගත්තේ සම්පූර්ණ අවධානය පාඩම් වැඩ වලට විතරක් යොමු කරන්න හිතුව නිසා.
ඉතින් එයාගෙ සම්පූර්ණ අවධානය ඒ සතිය පුරාම පාඩම් වැඩ වලට විතරක් යොමු වුනාද?
කොහෙත්ම නෑ, මොකද එක නපුරු CEO කෙනෙක් එයාගෙ හිත එයාටත් නොදැනිම හොරකම් කරන් ගිහින්. පාඩම් වැඩ අතරතුර එයා හිතුවේ මෙන්න මේ දේවල්.
මිස්ටර් කිම්ව දැක්කම ඇයි එයාගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන්නෙ? එදා සිද්දිය නිසා මිස්ටර් කිම් එයත් එක්ක තරහ වෙලාද? ඇත්තටම ඒ සිද්දිය ගැන එයාට වරදකාරි හැඟීමක් ඇති වුනා. මොනව උනත් දෙවනි වතාවෙ දොර හිමින් වැහුවා නම් හොඳයි කියලා එයාට දැන් හිතුනා. එයා ඒකට මිස්ටර් කිම්ව මුනගැහිලා සමාව ගන්න පවා හිතුවා. එතකොට මිස්ටර් කිම්ව ආයිත් හම්බ්වෙයිද? එයාට තාම එයාව මතකද?
අනිවාර්යයෙන්ම මොකද මතක නැත්තෙ? අත්භූත ඇක්සිඩන්ට් එකක්, ඒක සිදු වුන දවසෙ ඉඳන් ටේහ්‍යුන්ට සිද්ද වුනු අමුතු දේවල් එක්ක ඒ ඇක්සිඩන්ට් එකට හේතු වුන ඒ ඒන්ජල්ව එයා කොහොම අමතක කරන්නද?
VOUS LISEZ
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...