MYG news ආයතනයට උදේ ගිය ජිමින් එයාගෙ යාලුවො ටික හොයාගෙන එයාලගෙ කාර්යාලයට ගියා. එයා යන ගමන් දැක්කේ හැමෝම ගොඩක් කලබලෙන් හැසිරෙන විදිහ. ඔෆිස් එකේ යාලුවො වාඩි වෙලා ඉන්නවා ඈත තියාම දැක්ක ජිමින් ඉක්මනින් එයාලා ගාවට දුවලා ගියා.
"ආ මොකෝ පරක්කු?" ජිමින්ගෙ යාලුවෙක් වෙන කායි ඇහුවා.
"ටිකක් නින්ද ගියා බං."
"මරු ටික. හොඳ වෙලාවට බොස් අද බිසී. නැත්තන් උබ ඉඳලා හමාරයි. නින්ද කියන දේ අපි වගේ රිපෝටර්ලට උරුම නෑ ජිමිනෝ." තවත් යාලුවෙක් වන ටේමින් කිව්වා.
"ඒක නෙමේ. මොකෝ මේ කට්ටිය බිසී. අදත් ලොක්කා එනවා කියලද?" ජිමින් ඇහුවේ එයාට අදාල කුටියේ ඉඳගනිමින්.
"හ්ම්ම්. අදවත් අපිට එයාව බලන්න පුලුවන් වෙයිද දන්නෑ. කියන විදිහට එයා ගොඩක් හැන්ඩ්සම්ලු. මට එයාව බලන්න ආ...සයි. ඒත් ඉතින් කොහෙද එයා එනවා කිව්වට එන්නෙ නෑනෙ. ආවත් එදාට අපි කොහේ හරි නිව්ස් හොයන්න ගිහින්." මුලින් උද්යෝගයෙන් කිව්ව සුන්මි අන්තිම ටික කිව්වෙ නම් මූනත් ඇඹුල් කරගෙන.
"හැන්ඩසම්? හැන්ඩ්සම් කන්නද බං. එයා හෙන කේන්තිකාරයෙක්. ඒකනෙ අද අපේ මිස්ටර් චෝයි පේන්නවත් නැත්තෙ. පොර අද උදේ ඉඳන් හැම දේම චෙක් කරනවා වැරැද්දක් හොයන්න බැරි වෙන්න. ලොක්කට ගොට්ට අල්ලන්න බලන් එයා ඉන්නෙ." ජීහුන් කිව්ව දේට හැමෝම හිනා වුනා.
"මට නම් ශුවර් අදත් ලොක්කා එන්නෑ. බලපන් අවුරුදු දෙකක් වෙනවා මං මේකේ වැඩ කරලා ඒ උනාට මං ලොක්කව ඇහැට දැකලා නෑ. අඩුගානෙ ෆොටෝ එකක්වත්. එයා කැමති නැහැලුනෙ ප්‍රසිද්ධියටත්." ජිමින් කිව්වා.
"ඇයි උබට දුකද?" කායි ජිමින්ට විහිළු කරමින් කිව්වා.
"මො-මොකක්? නෑ. ඇයි එහෙම ඇහුවෙ?"
"නෑ ඉතින් සුන්මි ලොක්කා හැන්ඩ්සම් කිව්ව වෙලේ ඉඳන් උබේ මූනෙ මං වෙනසක් දැක්කා ඒකයි." කායි ටේමින්ගේ පිටට ගගහා හිනා වෙමින් කිව්වා.
"කායි!!" ජිමින් කෑගැහුවා.
"ඇයි?" කායි කිව්වම ටික වෙලාවක් කායි දිහා බලන් හිටපු ජිමින් ඔලුව දෙපැත්තට වැනුවා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
