ජන්ග්කුක් ටැක්සියට නැග්ගට පස්සෙ එයාගෙ අණ පරිදි ටැක්සි රියදුරා වේගෙන් රෝහලට රිය පදවමින් හිටියා. ටික දුරක් යනකොට රියදුරාට තේරුනා එයාගෙ පිටිපස්සෙන් එළියක් විහිදෙනවා කියලා. නළල රැලි කරගත්ත රියදුරා පිටුපස බලන කණ්ණාඩියෙන් පිටිපස්සෙ ශීට් එකේ ඉන්න ජන්ග්කුක් දිහා බලද්දි දැක්ක දෙයින් එයා හොඳටම කම්පනය වුනා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හොඳටම බය වෙලා හිටපු රියදුරාට වාහනයේ පාලනය නැති වෙනවත් එක්කම ටැක්සිය කැරකිලා ගිහින් කණුවක හැප්පුනා. ඒත් වාසනාවකට රියදුරාට හානියක් නෑ. ගැහෙන හදවතින් ආයිත් පිටිපස්සෙ ශීට් එක දිහා බලපු රියදුරා දැක්කා ජන්ග්කුක් දැනටමත් එතනින් අතුරුදහන් වෙලා කියලා.
* * * * * *
මේ අතරේ ටේහ්‍යුන්ව පැහැරගත්ත හෝසොක් ටේහ්‍යුන්ගේ සිහි නැති බරැති සිරුර කැලෑව මැදට ඇදගෙන යමින් තිබුනා. ඔව් අනිවාර්යයෙන්ම ජිමින්ගෙත් උදව් ඇතුව. කැලෑව මැද මදක් එළිමහන් තැනකට ආවම දෙන්නම නැවතුනා.
"හොඳයි, එයාට සිහිය එන්න කලින් එයාව ඉවරයක් කරන්න හොබී හියුන්." ජිමින් කිව්වේ සිහිය නැතිව ඉන්න ටේහ්‍යුන් දිහා කේන්තියෙන් බලමින්.
"ශුවර්ද ඔයාට අපි මේක ගැන තව හිතන්න ඕනෙ නෑ කියලා. ජන්ග්කුක් මේක දැනගත්තම එයාට මොනවා හිතෙයිද?" හෝසොක් ඇහුවේ මදක් පැකිළෙමින්.
"හහ්! ජන්ග්කුක්ගෙ ජීවිතේ මෙයා නිසා නැති වෙනවා බලන්නද එහෙනම් ඔයාට ඕනෙ හියුන්? මොකෝ එයා දුක් වෙන්න මෙයා එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙමේනෙ. ඔන්නම් දැනගත්තම ටිකක් දුක හිතෙයි එච්චරයි. අපේ රාජකාරිය එයාව ආරක්ෂා කරන එක නේද හියුන්? මෝ දේවතාවියගෙ නාමෙන් මෙයාව ඉවරයක් කරලා දාන්න. ඔයාට බැරි නම් මං ඒක කරන්නම්." ජිමින් කිව්වම හෝසොක් හුස්මක් හෙළුවා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
