ටේහ්‍යුන්ගේ බන්ධනය බිඳිලා තිබුනත් එයා ජෙනීට හානියක් කලේ නෑ. ඩාකන් මෙච්චර දවස් ඉඳලා තියෙන්නෙ නාරිගෙ ඇඟේ කියන එක එයාට විශ්වාස කරන්න බැරි වුනා.
"අ-අපි යන්නෝනේ, අපි යන්නෝනෙ මේ දැන්ම මෝ රාජධානියට." ටේහ්‍යුන් කිව්වා. එයා එයාගෙ බලයෙන් ජෙනී දැක්ක සිද්දීන් එයාට අමතක කරවලා තිබ්බා වගේම ඊටපස්සෙ ජෙනීව එයාගෙ කම්පැනියට යවලා තිබුනා. යුන්ගි ජිමින් දෙන්නත් සිද්දිය අහලා කිම් මන්දිරයට ඇවිත් හිටියා. ටේහ්‍යුන්ව යම් තරමක් සන්සුන් කරගන්න එයාලට පුළුවන් වුනා.
"රිලැක්ස් වෙන්න ටේ. අපි ඒකට සැලැස්මක් හදන්න ඕනෙ. මොකද අපි මෝ රාජධානියට යන්නෙ ජන්ග්කුක්ව බේරගන්න විතරක් නෙමෙයි, මෝ රාජධානිය ඩාකන්ගෙන් බේරගන්නත් එක්කයි යන්න වෙන්නෙ. ඌ ජන්ග්කුක්ව පැහැර ගන්න ඇත්තෙත් සමහරවිට ඔයාව එහෙට ගෙන්න ගන්න වෙන්න පුලුවන්." යුන්ගි කිව්වම ආරක්ෂකයො ටික එකඟව හිස වැනුවා.
"ක-කරන දෙයක් ඉක්මනට කරන්න ප්ලීස් හියුන්. මගෙ ජන්ග්කුක්ට දැනටමත් ඌ වද දෙනවද දන්නෑ." ටේහ්‍යුන් කිව්වේ අනිත් අය ඉස්සරහා නොහඬා ඉන්න උත්සාහ කරමින්.
"අපි මේක කරමු. එකතුවෙලා අපි ජන්ග්කුක්වයි මෝ රාජධානියයි බේරගමු. අපි දැන්ම ඒක පටන් ගමු. අපි මෙච්චර කල් ලෑස්ති උනෙත් ඒකටනෙ?" ජීසු කිව්වේ හැමෝවම දිරිගන්වමින්. හැමෝම එකඟව හිස වැනුවා.
ඊටපස්සෙ පැය ගානක්ම එයාලා ඩාකන් එක්ක සිද්ද වෙන්න යන පළවෙනි සටනට සැලැස්මවල් හැදුවා.
"එතකොට අපි කොහොමද දැන් මෝ රාජධානියට යන්නෙ? ඩාකන් කොහොමද ජන්ග්කුක් එක්ක එහෙ ගියේ? ඔයාලා ගාව ද්වාර යතුරක් තියෙනවද?" ටේහ්‍යුන් ඇහුවා.
"ඔව් මං ගාව එකක් තියෙනවා." කිව්ව ජීසු එයාගෙ පොකට් එකෙන් එළියට ගත්ත දේ දැකලා ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගත්තා.
"මේක? මේක නේද ජන්ග්කුක්ගේ කරේ තියෙන මාලෙ පෙන්ඩන්ට් එක?" ටේහ්‍යුන් ඇහුවා.
"ඔව්, ජන්ග්කුක්ගේ මාලෙ එයාගෙ ඔම්මගෙ නෙමෙයි. එයාගෙ අප්පා ඒක අහුලගන්න ඇත්තේ එදා ජන්ග්කුක් ඉපදුනු තැන බිම වැටිලා තියනවා දැකලා වෙන්නැති. ඒක තමයි මෝ රාජධානියත් පෘථිවියත් හරහා ගමන් කරන දොරටුවෙ යතුර. ඒ සේරම යතුරු තිබුනෙ අධිරාජ්‍යයා ගාව විතරයි. අපිට පෘථිවියට එන්න සිද්ද වුනු නිසා අපිට මේ යතුරු දුන්නා. ඩාකන් මෝ රාජධානියට යන්නැත්තෙ ජන්ග්කුක්ගේ කරේ තිබුනු යතුරෙන් වෙන්නැති. නැත්තන් ඌ ගාව ඒවා ගොඩක් ඇති. දැනටමත් ඌ මාළිගාව අයිති කරගෙනනෙ ඇත්තෙ." ජීසු කිව්වා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
