39

1.9K 293 173
                                        

ටේහ්‍යුන් වේගෙන් එයාගෙ කාර් එක හොස්පිට්ල් එකට පදවන ගමන් හිටියා. එයා දැනටමත් ජින්ට කෝල් කරලා විස්තරේ කියලා තිබුනා. පැසෙන්ජර් ශීට් එකේ සිහි නැතුව වාඩි වෙලා ඉන්න ජන්ග්කුක් දිහා සැරින් සැරේ බලමින් එයා පාරටත් අවධානය යොමු කලා.

හොස්පිට්ල් එකේ පාක් එකෙන්වත් වාහනේ නතර කරන්න වද වුනේ නැති ටේහ්‍යුන් හොස්පිට්ල් එක ඉස්සරහින්ම කාර් එක නතර කරලා ජන්ග්කුක්වත් වඩා ගෙන හොස්පිට්ල් එකට ඇතුල් වුනා.

ජින් ඉක්මනින් එයාව චෙක් කලා.

"මට නම් හේතුවක් හොයා ගන්න බෑ. එයාගෙ බ්ලඩ් ප්‍රෙශර් නෝමල් හැබැයි ඇඟ ටිකක් දුර්වලයි." ජින් කිව්වා.

"ඔයා ඩොක්ටර් කෙනෙක් වෙලත් ඒක දන්නෙ නැද්ද ආ?" ටේහ්‍යුන් කෑගැහුවා.

"හෝව් හෝව් කලබල වෙන්න එපා ටේ. එයා මේ දවස් ටිකේ හරියට කෑවෙ නැද්ද?" ජින් ඇහුවේ නළල රැළි කරන්.

"ඔ-ඔව්, එයාට කන්න බෑ වමනෙ යනවා. ගොඩක් වෙලාවට උදේට තමයි. කෑම අප්පිරියයිලු. එයාට දැන් පොඩි වැඩක් කලත් ගොඩක් මහන්සි දැනෙනවා. අනික mood swings. තව එයා සමහර වෙලාවට අමුතු ජාති කන්න ඉල්ලනවා." ටේහ්‍යුන් කිව්වේ නළල පිරිමදිමින්. ජින් හිනා වුනා.

"ඔයා කියපු දේවල් වලින් නිගමනයකට එනවා නම් කියන්න වෙන්නෙ ජන්ග්කුක් ප්‍රෙග්නන්ට් කියලා තමයි." ජින් හිනාවෙමින් කිව්වම ටේහ්‍යුන් රැව්වා.

"ඔයාට පොඩ්ඩක් මේ වෙලාවෙවත් සීරියස් වෙන්න බැරිද ආ?" ටේහ්‍යුන් ඇහුවා. ඒත් ඊළඟ මොහොතේ ජින්ගේ හිනාව අතුරුදහන් වෙලා ඇස් දෙක ලොකු වුනා. ඒත් ආයෙත් එයා නළල රැළි කරගත්තා.

"නෑ ඒක වෙන්න බෑ." ජින් කියලා ඔලුව දෙපැත්තට වැනුවා.

"ම්-මොකද්ද වෙන්න බැරි? එයාට ලොකු ලෙඩක්ද?" ටේහ්‍යුන් බයෙන් ඇහුවා. ඒත් ජින් උත්තරයක් දෙනවා වෙනුවට එයා කල්පනා කරා.

"පොඩ්ඩක් ඉන්න. ඔය දෙන්නා අන්තිමට sex කලේ කවද්ද?"

"මොකක්?! නෑ මං මොකටද ඒක ඔයාට කියන්නෙ?"

"මොකද මං ඩොක්ටර් නිසා. ඔහ් මයි ගෝඩ් ඔයත් එක්ක බෑ මේක." ජින් කිව්වේ හුස්මක් හෙළමින්.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now