25

1.9K 315 30
                                        

Teleport බලයෙන් ටේහ්‍යුන් සිහි නැති ජන්ග්කුක්ව රැගෙන ආවෙ සෝල් වල කිම් මන්දිරයේ එයාගෙ කමරයට. පරිස්සමින් එයාගෙ බනී ඒන්ජල්ව ඇඳෙන් ඇලකරපු ටේහ්‍යුනුත් එයාගෙ එහා පැත්තට ගිහින් එයාව තුරුලු කරගත්තේ ආදරයෙන් ජන්ග්කුක්ගේ හිස සිඹිමින්.

"සේරම හොඳින් සිද්ද වෙයි පැටියෝ." කිව්ව ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් වලට, නහයට, කම්මුල් වලට, තොල් වලට පුංචි පුංචි හාදු තිබ්බා. එයා ජන්ග්කුක්ව තුරුලු කරගෙනම ඇස් දෙක පියාගත්තේ ජන්ග්කුක්ට සිහිය එනකන්. ඒත් ටික වෙලාවකින් එයාටත් නොදැනීම නින්ද ගියා.

* * * * * * *

ටේහ්‍යුන් ඇහැරුනේ එයාගෙ පපුවෙන් තෙත් ගතියක් දැනෙනවත් එක්කමයි. හොඳටම ඇස් ඇරිය එයා අන්තිමේදි පහළ බැලුවම දැක්කේ එයාගෙ පපුවට මූන තද කරගෙන නිහඬවම කඳුලු වගුරුවන ජන්ග්කුක්ව.

"හේයි love?" ඒත් ජන්ග්කුක්ගෙන් ප්‍රතිචාරයක් තිබුනෙ නෑ. හුස්මක් හෙළපු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ පිට අතගාමින් එයාගෙ බ්ලොන්ඩ් කොණ්ඩෙ අතරින් ඇඟිලි යවමින්, සැරින් සැරේ හිස සිඹිමින් සැනසිලි බස් කිව්වේ ජන්ග්කුක් සන්සුන් වෙනකන්. ඒත් ජන්ග්කුක්ගේ කඳුලු නැවතුනේ නෑ. පැයක් දෙකක් ජන්ග්කුක් ඒ විදිහටම ටේහ්‍යුන්ගේ පපුව මත කඳුලු වැගිරුවා.

"පැටියෝ~ වෙලාව හවස පහත් පහුවෙලා. දවල්ට මොකුත් කෑවෙ නෑනෙ. යන් කමු." ටේහ්‍යුන් කිව්වම ඒ ඉඳපු විදිහටම ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වැනුවා.

"හියුන් කන්න." ජන්ග්කුක්ගේ සිහින් කටහඬ ටේහ්‍යුන්ට එයාගෙ පපුව අස්සෙන් ඇහුනා.

"හහ්? මගෙ බනී ඒන්ජල් බඩගින්නෙ ඉන්න කොට මං කොහොමද කන්නෙ හ්ම්ම්? කනවනම් කන්නෙ අපි දෙන්නම එකට." ටේහ්‍යුන් කිව්වම අන්තිමේදි ටේහ්‍යුන්ගේ පපුවෙන් ඔලුව උස්සපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ මූන දිහා ඉදිමුනු ඇස් වලින් බැලුවා.

ඊටපස්සෙ එයා ඔලුව වනලා ඇඳෙන් නැගිට්ටේ ටේහ්‍යුන්ව ව්‍යාකූල කරලා.

"එන්න හියුන්, අපි කමු." ජන්ග්කුක් කිව්වම සතුටින් හිනාවුනු ටේහ්‍යුන් ජන්ග්කුක් එක්ක පහළට ගියා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now