"ඩාකන්!! තමුන්ට ඕනෙ එයාගෙ ළමයව නම් මොන එහෙකටද එයාට වද දෙන්නෙ හහ්? තමුසෙ දන්නවද තව ටික දවසක් මේ විදිහට උනොත් ළමයවයි එයාවයි දෙන්නවම මැරෙයි!" ජින් කෑගැහුවම ඩාකන් එයාගෙ සිංහාසනේ ඉඳන් හිනා වුනා.
"ඉතින් මැරුනාවෙ."
"හහ්?" ජින් ඇහුවේ ව්යකූලව.
"ඌ මැරුනාවෙ. ප්‍රධාන බලය මං ගන්නවා." ඩාකන් සරලවම කියලා දැම්මා.
"මේ විදිහට ගියොත් තමුසෙට ප්‍රධාන බලයත් ලැබෙන එකක් නෑ!" ජින් කෑගැහුවා.
"නෑ මට ඒක ලැබෙනවා. තමුන්ට ඒක වැඩක් නෑ මෙතනින් යනවා." ඩාකන් කිව්වා.
"මොකද්ද තමුන් කරන්නෙ?" ජින් ඇහුවා.
"ලූකස්! මූව මෙතනින් අරන් යනවා." ඩාකන් කිව්වම ව්‍යාකූලව හිටපු ජින්ව ලූකස් එතනින් ඇදගෙන ගියා. වහල්ලු ඉන්න තැනට ගෙනිහින් තල්ලු කරපු එයා හිටියේ තාමත් නළල රැලි කරන්.
"ඩාකන්ගෙ ප්ලෑන් එක මොකද්ද?" ජින් තනියම මිමිණුවා.
ජින්ට දැන් ඕන වුනේ වෙන මොකක්වත් නෙමෙයි ජන්ග්කුක්ගේ දරුවව පරික්ෂා කරන එක. ඒත් එයාට අවශ්‍ය කළමනා නැති එක ගැන එයා පසුතැවුනා.
* * * * * * * * *
"දරුවා හොඳින් ඉන්නවා." ජන්ග්කුක්ගේ බඩට අත් දෙක තියාගෙන කිව්වේ වයසක කාන්තාවක්. ජන්ග්කුක්ගේ ඇස් වල සතුටු කඳුලු පිරුනා. ජින් නම් පිස්සෙක් දිහා බලනවා වගේ ඒ කාන්තාව දිහා බැලුවා.
"හහ්? ඔයා කොහොමද එහෙම කියන්නෙ?" ජින් ඇහුවම ඒ ගෑණු කෙනා හිනා වුනා.
"මාව විශ්වාස කරන්න, එයාගෙ දරුවා ගොඩක් බලවත්, ඒ වගේම නිරෝගී දරු පැටියෙක්." කිව්ව වයසක කාන්තාව එතනින් ගියේ එයාගෙ රාජකාරිය කරන්න.
කාලෙකට පස්සෙ දැක්ක ජන්ග්කුක්ගේ හිනාව දිහා ජින් බලන් හිටියා.
"ඔයා ඒක විශ්වාස කරනවද?" ජින් ඇහුවම ජන්ග්කුක් හිස වැනුවා.
"එයා ඉන්නෙ මගෙ බඩ ඇතුලෙනෙ හියුන්. එයා එන්න එන්න ඇක්ටිව් වෙනවා. අනික.. ම්-මට ඒ ගෑණු කෙනා කිව්ව දේ විශ්වාස කරන එක හැර වෙන කරන්න දෙයක් නෑ." ජන්ග්කුක් කිව්වේ දුකින් බිම බලන්.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Fanfictionමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
