08

1.6K 318 33
                                    

"අල්ලන්න එපා!!"

"නෑ නෑ නෑ ඕක නම් අල්ලන්න හිතන්නවත් එපා!!"

ඒ ටේහ්‍යුන්. ජන්ග්කුක්ව එයාගෙ සුවිසල් මන්දිරයට එක්කගෙන ආපු ටේහ්‍යුන් හිටියේ එයාගෙ කාමරේට යන ගමන්. ඒත් එයාගෙ පිටිපස්සෙන් එන ජන්ග්කුක් නම් පුදුමයෙන් ඇස් දෙක ලොකු කරගෙන කටත් බාගෙට ඇරගෙන තිබුනු විසිතුරු භාණ්ඩ අල්ලමින් අගය කරන්න උත්සාහ කලත් ටේහ්‍යුන් එයාව ඒ හැම වෙලාවකදිම නැවැත්තුවා.

ජන්ග්කුක් ඇස් දෙක රෝල් කරා. ඒත් ඊටපස්සෙ එයා නළල රැලි කරගත්තේ ඇයි ටේහ්‍යුන් එයාව නවත්තන්නෙ කියලා. බැරි වෙලාවත් ටේහ්‍යුන් එයාගෙ අසාමාන්‍ය ශක්තිය ගැන දන්නවද? නැත්තන් එයා දුප්පත් නිසා එයාගෙ බඩු අල්ලනවට අකමැතිද? ජන්ග්කුක් මූන හකුළ ගත්තා. ජන්ග්කුක්ගේ මූන දැක්ක ටේහ්‍යුන්ගේ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා.

"කියුට්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කියුට්." ටේහ්‍යුන් තනියම හිතුවා. එයාගෙ ඇස් නොදැනීම නතර වුනේ ජන්ග්කුක්ගේ තොල් ගාව. උල් වෙලා තිබුනු ඒ තොල් දිහා එයා බලන් හිටියා. ඊටපස්සෙ ජන්ග්කුක්ගේ ඇස් දිහා බලපු ටේහ්‍යුන් දැක්කෙ ජන්ග්කුකුත් එයාගෙ ඇස් දිහා බලන් ඉන්න විදිහ.

"ලස්සනයි." මේ වෙලාවේ ටේහ්‍යුන්ගේ නපුරු හිතුවක්කාර මොළේ වෙනුවට එයාගෙ හදවත එයාව පාලනය කරන්න අරන්.

ටේහ්‍යුන්ගේ බැල්ම නිසා ජන්ග්කුක් මුලින් අපහසුවට පත් වුනත් ටේහ්‍යුන්ගේ තොල් වල ඇඳිලා තිබුනු, එයා මීටකලින් නොදැක තිබුනු ඒ ලස්සන හිනාව දැකලා ජන්ග්කුක් නම් මේ වෙලාවෙ හිටියේ ගල් ගැහිලා.

"එච්චර ලස්සන හිනාවක්. ඇයි එයා ඒක හැමවෙලාවෙම හංගන් ඉන්නෙ? එයා දන්නෙ නැද්ද ඒ හිනාව එයාට කොච්චර ලස්සනද කියලා?" ජන්ග්කුක්ට ටේහ්‍යුන් ගැන තිබ්බ කුතුහලය තව වැඩි වුනා. ඊටපස්සෙ ජන්ග්කුක්ට කලින් මිස් හන් කිව්ව වචන මතක් වුනා. ටේහ්‍යුන්ට ආදරේ කියන දේ ලැබිලම නැද්ද?

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now