34

1.4K 277 42
                                    

වසරකට පසු...

අද තමයි ජන්ග්කුක්ගේ දවස. අවුරුදු ගානක මහන්සියේ ප්‍රතිඵලය එයාගෙ අතට ලබෙන්නෙ අද. අද විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය.

කියාගන්න බැරි හැඟීම් ගොන්නක් හිතේ පුරවගෙන ජන්ග්කුක් අද බනී හිනාව මුව සරසගෙන එළිමහන් රංග පීඨය ඉදිරියේ තබා තිබූ පුටුවලින් එකක වාඩි වෙලා හිටියා. හොඳටම විශ්වාසයි, ජන්ග්කුක්ගේ ඒ බනී හිනාව අනිත් සිසුන් දැක්කේ මුල් වතාවට. මොකද එයාගෙ විශ්වවිද්‍යාල ජීවිතේ සතුටින්ම ඉන්න දවස අද. එයාගෙ විශ්වවිද්‍යාල ජීවිතේ අනිත් දවස් එයාට සුන්දර වුනේ නෑ.

උත්සවය පටන් ගන්නකන් ජන්ග්කුක් ගෙවුනු අවුරුද්ද සිහිපත් කරමින් අතරමං වුනා. අන්තිම අවුරුද්දට එයාව ස්කිප් වුනු හැටි, මාස දහයක් වගේ කෙටි කාලයක් ඇතුලත දැන් මාස දෙකකට උඩදි පැවැත්වුනු අවසන් විභාගයට එයා එයාගෙ උපරිමෙන් මහන්සි වුනු හැටි එයා මතක් කලා. ඒ මාස දහයෙදී ටේහ්‍යුන් එයාගේ ළඟින්ම ඉඳන් උදව් කරපු හැටි එයා මතක් කලා. ටේහ්‍යුන්ට කොච්චර කම්පැනියෙ වැඩ තිබුනත් ජන්ග්කුක්ව ස්ට්‍රෙස් නොවී පාඩම් වැඩ කරගන්න උදව් කරපු හැටි මතක් වුනු ජන්ග්කුක්ගේ ඇස් වල සතුටු කඳුලු පිරුනා. ටේහ්‍යුන් වගේ කෙනෙක්ව ලැබෙන්න එයා වාසනාවන්තයි.

ටේහ්‍යුනුත් එයාගෙ බිස්නස් ෆීල්ඩ් එකේ ඉහළටම යමින් හිටියා. එයාට ගෙවුනු අවුරුද්දෙ බිස්නස් ට්‍රිප් කීපයකටම විදෙස් ගත වෙන්න සිද්ද වුනා. ඒත් ජන්ග්කුක්ව දාලා යන දුක එයාට පොඩ්ඩක් වත් තිබුනෙ නෑ. මොකද එයාට හිතුන හිතුන වෙලාවට එයා teleport power එකෙන් ජන්ග්කුක්ව බලන්න ආවා. එයාට ඒකට ඕන වුනේ අහල පහළ වොශ්රූම් එකක් විතරයි. එයා ලෝකෙ මොන රටක හිටියත් රෑට නිදාගත්තෙ කොරියාවෙ, එයාගෙ මන්දිරේ, එයාගෙ කාමරේ, එයාගෙ ඇඳ උඩ, එයාගෙ බනී ඒන්ජල්ව තුරුල් කරගෙන.

යුනි එකේ ළමයින් ගිරියටින් කෑගහමින් උඩපනින්න ගත්තම ජන්ග්කුක් එයාගෙ සිහින ලෝකෙන් මිදුනා. ළමයින්ගේ කෑගැහීමට හේතුව දැක්ක ජන්ග්කුක්ගේ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා. ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි එයාගෙ හදවතේ අයිතිකාරයා, එයාගෙ ආදරය, එයාගෙ හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ්, ඔව් ඒ කිම් ටේහ්‍යුන්.

The main power 💙❤️ ||  (Complete)Kde žijí příběhy. Začni objevovat