DAY 03
ගෙවුනු දවස් දෙකේ වගේම අදත් ටේහ්‍යුන් ජන්ග්කුක්ට සැර වුනා. හොඳටම විශ්වාසයි ජන්ග්කුක් තමයි ට්‍රේනින් වෙන දහ දෙනාගෙන් හොඳටම වැඩ කරන කෙනා කියලා. මනේජර්ස්ලා පවා ඒක තේරුම් ගත්තා. එයාලටත් හිතාගන්න බෑ ඇයි ටේහ්‍යුන් ජන්ග්කුක්ට මෙච්චර සැර වෙන්නෙ කියලා. මැනේජර්ස්ලා අතින් පවා වෙන්න පුලුවන් සුලු සුලු වැරදි වලට ජන්ග්කුක්ට කෑගහන්න ටේහ්‍යුන් පුරුද්දක් කරගෙන තිබුනා. මේ දේවල් සිද්ද වුනේ ට්‍රේනින් වෙන ළමයින්ව පරික්ෂා කරන්න ටේහ්‍යුන් අනිවාර්යයෙන්ම දවසට එක පාරක් එන අතරේ. ඒ හැර වෙන කිසිම වෙලාවක ජන්ග්කුක්ටවත් අනිත් ළමයින්ටවත් ටේහ්‍යුන්ව දකින්න පුලුවන් වුනේ නෑ.
අදත් ඒ වගේ ටේහ්‍යුන්ගේ කෑගැහීමකට පස්සෙ ජන්ග්කුක් හිටියේ කඳුලු පුරවගෙන. ඒත් එයා ඉවසුවා. ටේහ්යුන්ම මේකට පියවරක් ගනකන් එයා ඉවසුවා.
මේ අතරේ ටේහ්‍යුන් ජන්ග්කුක්ට සළකන විදිහ මුල ඉඳන්ම මිනිස් ස්වරූපයකට මාරු වෙලා හිටපු ඒ නපුරු දුශ්ඨ බලවේගය බලන් හිටියා.
"ආආආආආ!!! මුන් දෙන්නා ඒපාර වෙන් වෙන්නද හදන්නෙ?! ආආආආ මුන් දෙන්නා මගෙ සේරම බලාපොරොත්තු විනාස කරනවා. බෑ!! මේක වෙන්න දෙන්න බෑ!!"
* * * * * * * *
මිස් නාරිගේ අණ පරිදි ෆයිල් ටිකක් සයින් කරගන්න ජෙනී සතුටින් ටේහ්‍යුන්ගේ කාර්යාලයට ගියා. ඒත් ඇතුලට ගිහාම ටේහ්‍යුන් ඉන්න විදිහ දැකලා ජෙනී පුදුම වුනා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එයා හිටියේ කාර්යාලයේ ජනේලෙන් එළිය බලාගෙන. මූනෙ රැඳිලා තිබුනේ මද සිනහවක්. හොරෙන් එබි එබි බලමින් හිනා වෙන්න තරම් ජනේලෙන් එහා පැත්තෙ තියෙන්නෙ මොකද්ද කියලා ජෙනී කල්පනා කලා. අඩුගානෙ එයා එනවා කියලවත් ටේහ්‍යුන් දන්නෙ නෑ. ටේහ්‍යුන්ගේ කඩවසම් රූපය අගය කරන්න ජෙනී ඒක අවස්ථාවක් කරගත්තා.
YOU ARE READING
The main power 💙❤️ || (Complete)
Hayran Kurguමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...
