ටේහ්‍යුන් මේ ගෙවන්නෙ එයාගෙ ජීවිතේ සතුටුම දවස්. එයා උදේ ඇහැරෙන්නේ එයා මේ ලෝකෙ දකින්න ආසම දර්ෂණයත් එක්ක. එයාගෙ පපුව උඩ ඔලුව තියන් නිදන් ඉන්න ලස්සන ඒන්ජල්ගෙ මූනෙ හැම අගලක්ම අගය කරන එක තමා එයාගෙ මුල්ම පිළිවෙත. පුංචි පුංචි සමනල් හාදු තියලා එයාව ඇහැරවන එක, ඊටපස්සෙ පොඩි වුනු ඇස් වලින් එයා දිහා බලලා මේ ලෝකෙ දකින්න ආසම ඒ හුරතල් හිනාව දකින එක, එයාගෙ කම්පැනියට යන්න ලෑස්ති වෙන අතරේ සිදු වන පුංචි පුංචි hot make out session ටික, එයාගෙ ඒන්ජල් අතින් හදන කෑම කාලා කම්පැනියට යන එක තමයි එයාගෙ උදෑසන වැඩපිළිවෙල වුනේ. ඒ වගේම එයාගෙ energy pill එක වුනු යන්න කලින් එයාගෙ බනී ඒන්ජල්ගෙන් ලැබෙන good bye උනුසුම් හාදුව එයාගෙ මුලු දවසම ප්‍රබෝධමත් කලා.
එයාගෙ ආයතනයේ සේවකයනුත් ටේහ්‍යුන්ගේ මේ පැහැදිලි වෙනස දැක්කා. තමන්ගෙ බොස්ගෙ මූනෙ වෙනදා තියෙන සැර පෙනුම වෙනුවට මූනෙ ඇදිලා තිබුනු ලස්සන මදහස දකින්න කවුරුත් කැමති වුනා.
ටේහ්‍යුන් උදේ වැඩට ගිය වෙලේ ඉඳන් බලන් ඉන්නේ කොයිවෙලේද එයාගෙ වැඩ ඉවර වෙන්නෙ කියලා. මොකද එයාට ඕනෙ පුලුවන් තරම් ඉක්මනට ගෙදරට ගිහින් එයාගෙ ඒන්ජල්ව තුරුලු කරන් කාලය ගත කරන්න, එයාව හුරතල් කරන්න. ටේහ්‍යුන්ගේ මේ දවස් ගෙවුනේ ඒ වගේ සැහැල්ලුවෙන් සතුටින්. අන්තිමේදි එයා එයාගෙ ජීවිතේ එයා හොයපු ඒන්ජල්ව හොයාගෙන තිබුනා.
හොඳයි එතකොට ජන්ග්කුක්? ජන්ග්කුක්ට නම් තාමත් එයාගෙ ජීවිතේ සිද්ද වෙන මේ දේවල් විශ්වාස කරන්න බැරුව හිටියා. ටේහ්‍යුන් එක්ක මේ ගෙවන දවස් හීනයක්වත්ද කියලා එයාට එක වෙලාවකට හිතුනා. හැබැයි එයා හැමවෙලේම ප්‍රාර්ථනා කලේ මේක හීනයක් නොවෙන්න කියලා. ටේහ්‍යුන් එයාට දෙන ආදරේ එයාට ඕනාවටත් වැඩි වුනා. හැබැයි එයත් එයාගෙ ආදරේ උපරිමෙන් ටේහ්‍යුන්ට ඒ වගේම දුන්නා.
ඒ දෙන්නා දැන් ජීවත් වුනේ හරියට අලුත බැඳපු ජෝඩුවක් වගේ. ඒ දෙන්නගෙ පළවෙනි එක්වීමෙන් පස්සෙ ඒ දෙන්නා තවත් එකිනෙකාට ළං වුනා වගේම ඒ දෙන්නාට එකිනෙකා ගැන තියෙන ආදරේ එන්න එන්නම වැඩි වුනා.
ජන්ග්කුක්ම ආයිත් මෝ රාජධානිය සම්බන්ධයෙනුත් එයාගෙ දෙමාපියන් සම්බන්ධයෙනුත් කතා කරනකන් ටේහ්‍යුන් අනිත් අයට ඒ ගැන කතා කරන්නවත් එපා කියලා අණ දීලා තිබුනා. අමාරුවෙන් හදපු ජන්ග්කුක්ගේ හිත බලෙන් ආයිත් පරණ තත්ත්වෙට ගේන්න එයාට ඕන වුනේ නෑ. ඒ නිසා එයා ජන්ග්කුක් ඒ ගැන කතා කරන දවස වෙනකන් ඉවසීමෙන් බලන් හිටියා.
ESTÁS LEYENDO
The main power 💙❤️ || (Complete)
Fanficමෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍ය...