05

1.5K 324 26
                                    

ඊළඟ දවසෙ උදේ ජන්ග්කුක්ට ඇහැරුනේ උදේ අටට. මුලින් නැගිටිද්දි ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි වුනු ජන්ග්කුක්ට පස්සෙ කලින් දා රාත්‍රියේ වුනු සියලුම සිදුවීම් ටික ආයිත් මතක් වුනා. හොටෙල් එකේ වැඩ ඇරිලා ගෙදර යන ගමන් ඉන්නකොට මුලු ඇඟපුරාම විදුලියක් ගමන් කරනවා වගේ දැනුන අමුතු ශක්තිය, ඔලුව පුපුරන්න වගේ රිදුන විදිහ, ඒ වේදනාව දරාගන්න බැරුව එයා පාරට ඇදගෙන වැටුන හැටි වගේම කාර් එකක එයා හැප්පුන හැටිත් එයාට මතක් වුනා. ඒත් ඒක ඇත්තටම සිද්ද වුනු දෙයක්ද නැත්තන් මහන්සියට හිතේ මැවුනු දෙයක්ද කියලා ජන්ග්කුක්ට හිතා ගන්න බැරි වුනේ ඊළඟ මොහොතේ එයා හිටියේ කොරියාවෙ ප්‍රසිද්ධ ව්‍යාපාරුකයෙක් වුනු මිස්ටර් කිම්ගේ ගෙදර වුනු නිසා.

ඊටපස්සෙ වුනු සිදුවීමුත් එක පෙළට මතක් වුනු ජන්ග්කුක්ගේ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා. එයා එහෙට ආවෙ කොහොමද කියලවත් නොදන්න ජන්ග්කුක්ට මිස්ටර් කිම්ව මුනගැහිලා ඒ ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබ්බත් එයාගෙ අත් ඔරලෝසුවෙන් වෙලාව දැක්ක ජන්ග්කුක් ඒ අදහස පසුවට කල්දැම්මා.

"ඔහ් ශිට් අටයි. යුනි යන්න ඕනෙ නේද?" තමන්ටම මුමුන ගත්ත ජන්ග්කුක් ඉක්මනින් ඇඳෙන් බැහැලා මේසෙ උඩ තිබුනු එයාගෙ බෑග් එකත් අරන් කාමරෙන් එළියට ගියා. ඒත් මිස්ටර් කිම්ට නොකියා යන්නත් බැරි නිසා එයා මිස්ටර් කිම්ව නැත්තන් ටේහ්‍යුන්ව හොයන්න තීරණය කලා. ඒත් මන්දිරයට ආපු මුල් වතාව නිසා කිසිම තැනක් නොදන්න ජන්ග්කුක් ඔහේ හිටගෙන බලාගෙන හිටියෙ යන තැනක් හිතා ගන්න බැරුව. වාසනාවකට එතකොටම මිස් හන් එතන්ට ආවා.

"ආ මහත්තයා ඇහැරුනාද? මං මේ ආවෙ මහත්තයට දැන් කොහොමද බලන්න. ඊයෙ රෑට මුකුත් කන්නෙත් නැතුවැතිනෙ. මොනවහරි කාලා ඉමු නේද මහත්තයා." මිස් හන් කිව්වා.

"අහ් කරදර වෙන්න එපා. මට යුනි යන්න පරක්කු වෙලා තියෙන්නෙ. මං ගිහින් මොනවහරි කන්නම්. Thank you ඇහුවට." ජන්ග්කුක් කිව්වේ හිස නමා ආචාර කරමින්.

"මේ.. මිස්ටර් කිම් දැන් කොහෙද ඉන්නෙ? මට එයාව හම්බවෙන්න පුලුවන්ද? එයාට කියලා යන්න ඕනෙ. නැත්තන් හරි නෑනෙ." ජන්ග්කුක් ආයිත් කිව්වා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now