🍁2🍁

856 173 12
                                    

"අයෙ interview එකට යද්දිවත් වේලාවට ඒතැනට යන්න ආගශ්ශි.."

"නේ...අරස්සො.."

Interview එකට ගිය ආයතනෙ මුරකරුට හිස නවලා ආචාර කරපු හේසු ගිනි ගහන මධ්‍යහනේම හිසට කුඩයක්වත් නැතුව බස් හෝල්ට් එක පැත්තට ගැටුවේ මලානික වෙලා වගේ..අද තිබුන සම්මුඛ පරික්ෂණයට බලාපොරොත්තු දහසක් පොදි බැදගෙන ආපු හේසුට සිද්ධ උනෙ interview එකට තියා ආයතනෙ ඇතුලටවත් නොයා අපහු හැරිලා එන්න..හේසු ඒ අදාල ආයතනය ගාවට එද්දි interview එක ඉවර වෙලා තිබුනා..ඒ නිසායි කෙල්ලට හිස් අතින්ම අයෙ ගෙදර යන්න සිද්ධ උනෙ..

"මම අද බේරගත්ත චුටි පැටියගේ ජිවිතේ එක්ක බලද්දි මේක නිකන්ම නිකන් සුළු දේයක් විතරයි.."

ගිනියම් අව්වේ මලානිකව ඇවිදන් එන හේසුගේ හිත එකපාරම සතුටින් පිරිලා ගියෙ අද උදේ මුණ ගැහුනු පුංචි අමුත්තාව මතකෙට නැගිලා..හේසු කියන්නෙ අහිමි විම් විද දාරාගන්න පුලුවන් හයිය හිතක් තිබුන කෙල්ලෙක්.. ඒ නිසා හේසු අද අහිමි උන මේ දේ ගැනත් ලොකුවට පසුතැවෙන්න කැමති නෑ..ඊට වඩා හේසුගේ හිත සතුටු උනා අද හම්බුන නාඳුනන පොඩ්ඩගේ ජිවිතේ තමන්ට රැකගන්න පුලුවන් උන එක ගැන..

මධ්‍යාහන අව්ව කොච්චර පිඩාකාරි උනාත් හේසුට ඒ අව් රශ්මියෙ පිඩාකාරි බව ලොකුවට නොදැනුනෙ කෙල්ලගේ හිත පුරා උදේ මුණ ගැහුනු පුංචි අමුත්තාගේ ඇස් හුරතල් වෙන නිසා..ටැක්සි එකකට වියදම් කරන්න තරම් අතෙ සල්ලි නොතිබ්බ නිසා කෙල්ල පටු පාරවල් පහු කරන් ප්‍රධාන පාරට පයින්ම ගිහින් වැටුණා..ගෙදර යන්න හිතගෙන බස් හෝල්ට් එක පැත්තට හැරෙන්න හදපු හේසු අයෙම පාරක් අත් ඔරලෝසුට ඇස් යොමු කරා..

මොන්ඩිසොරි ඇරෙන්න තව පැය කාලක් තියෙන නිසා කෙල්ලගේ හිත ආස කරා අයෙ පාරක් පුංචි තේහන්ගේ මුණ බලලාම ගෙදර යන්න..වේලාවට pre-scl එක ගාවට යාගන්න බැරිවෙයි කියලා හිතුන කෙල්ල දාගෙන හිටපු හීල්ස් දෙකත් ගලවලා එක අතකට අරන් අව් රස්නෙට ගිනියම් උන තාර පාර දිගෙ ඉක්මන් අඩි තිය තිය pre-scl එක පැත්තට යන්න පටන් ගත්තා..හේසුට කොච්චර හිතුවත් හිතගන්න බෑ ඒ පොඩ්ඩව දකින්න මේතරම් ලොකු උනන්දුවක් තමන්ගේ හිතට මොන බැදිමක් නිසා ඇති වෙනවාද කියලා..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now