🍁10🍁

777 174 81
                                    

"අපේ හුරතලා නිදි ද නම්ජුනා.."

"අහ්හ්..නේ මිස්ටර් ජොන්හ්..."

සනිපෙට නිදන් ඉන්න තේහන් ගාව වඩිවෙලා හිටිය නම්ජුන් බොව් කරගෙන ඇදෙන් නැගිට්ටේ මිස්ටර් ජොන්හ් රූම් එකට ඇතුලු වෙනවා දැකලා..

"ජොංකුක් දැන් පොඩ්ඩකට කලින් එලියට ගියානේ මිස්ටර් ජොන්හ් .."

"අහ්හ්..ඒ හිතුවක්කාරයා නැතුවට කමක් නෑ ආදල්..මම ආවේ මගේ මේ චුටි හු‍රතලාව බලලා යන්න.."

නිදන් ඉන්න පොඩ්ඩගේ නළල සිපගත්ත මිස්ටර් ජොන්හ් පොඩ්ඩා දිහා බලාගෙන සුසුමක් හෙලනවා දැකපු නම්ජුන් දැනගෙන හිටියා ඇයි මිස්ටර් ජොන්හ් මේ විදියට කණගාටුවෙන් ඉන්නේ කියලා..

"මිස්ටර් ජොන්හ් ප්‍රශ්නයක්ද.."

නම්ජුන් කියන්නෙ මිස්ටර් ජොන්හ්ගේ හිටපු ඩ්‍රවර්ගේ පුතා..අම්මා තාත්තා දෙන්නම හදිසි රිය අනතුරකින් නැතිවුණ නම්ජුන්ගේ භාරකාරයා වෙන්නෙ මිස්ටර් ජොන්හ්.. අවුරුදු 15 ඉදන් තමන්ව දරුවෙක් වගේ හදාගත්ත කෙනා මේ විදියට දුකින් ඉන්න එක කොල්ලාටත් සැහෙන්න අවුල්..

"අනේ මන්දා දරුවෝ..මේ කොල්ලා මං කියන කිසි දේයක් අහන්නෑ නේ.."

"අපි ජොංකුක්ට තව හිතන්න කාල් දිලා බලමු මිස්ටර් ජොන්හ් "

"තව කොච්චර කාලයක් ද දරුවෝ..
මේ ගෙවිලා යන්නේ එයාගේ ජිවිතේ ලස්සනම කාලේ..
කෝලේජ් එකෙන් අවුට් වුනා විතරයි එයා මේ පොඩි දරුවාගේ සේරම බර එයාගේ කරට ගත්තේ නිකන් නෙවෙයි අපේ ගුකිගේ නම ඉස්සරහට එයාගේ නම දිලා..
එදා පටන් අද වෙනකන් ඔයාම කියන්න නම්ජුන් මගේ කුකි තේහන් ගැන ඇරෙන්න එයා ගැන හිතලා කිසිම දේයක් කරගෙන තියෙනවාද කියලා...අහ්හ්..!!
අඩුම වෙන කෙනෙක් වෙනුවෙන් ඒ හිතෙ ආදරයක් ගැවිලවත් තියෙනවාද.."

මිස්ටර් ජොන්හ්ගේ ප්‍රශ්න ඉදිරියෙ නම්ජුන් කරේ ඔලුව වනපු එක විතරයි..කොල්ලා නිරුත්තරයි..මොකද මිස්ටර් ජොන්හ් කියන හැමදේයක්ම ඇත්ත..කුක්ගේ මුළු ජිවිතේ ම වුනේ මේ චුටි තේහන් විතරයි..

"මගේ ලොකු ආදල්ගේ ලේයින් ඉපදුන දරුවාට ජොංකුක් එයාගේ නම විතරක් නෙවෙයි ආදරේ අංශුවක් අඩු නොකර දුන්නා..
කොටින්ම අද එයාගේ ජිවිතේම මේ දරුවා විතරක් වෙලා නම්ජුන්..
එයාගේ හ්‍යුංන්ට වුන පොරොන්දුව එයා සියයට සියයක් නෙවෙයි සියයට දාහක් ඔප්පු කරලා ඉවරයි..."

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now