යටපත් වෙලා යන සිතුවිලි යලි උත්තේජනය කරන්න පුලුවන් මත්ද්‍රව්‍යක් තමයි කොකෙන් කියන්නේ..
අන්න ඒ නිසායි හේසුගේ හිතෙ මේ වෙද්දි ටේ ගැන ලොකු හැගිමක් නැතත් කාලයක් තිස්සේ කෙල්ලගේ යටි හිතෙ තැන්පත් වෙලා තිබුන ටේට කරපු ආදරේ එකපාර උඩට මතුවුනේ..
****
පහුවදා හේසුට ඇහැරුනේ ටිකක් දවල් වෙලා..මුළු හිතම දුකින් පිරුන හැගිමෙන් නැගිට්ට කෙල්ලට ඉබේම බැලුණේ වෙනදාට තමන්ට තුරුලු වෙලා ඉන්න චුටි ගුකී පැටියාව..
"එයා ස්කූල් යන්න ඇති.."
ඔලුවේ වේදනාව අඩුවක් නැති කෙල්ලට ඊයේ රෑ සිද්ධ වුන සිදුවිම් එක පෙළට මතක් වුනේ කදුලු පිරුණු කුක්ගේ මුණත් මතක් වෙලා..
"ජොංකුක්ශි!!.."
කෙල්ල මුළු ගේපුරාම ජොංකුක්ව හොය හොය ගියෙ පිස්සුවෙන් වගේ..කෙල්ලට ඕනවුනේ ජොංකුක්ගේන් සමාව ගන්න..මොකද හේසු ඒ කිසි දේයක් කරේ හිතාමතා නෙවෙයි..හේසුට ඕන වුනේ නෑ ඒ විදිහට හැසිරිලා කුක්ට වේදනාවක් දෙන්න..
"පොඩි මහත්තයා උදේම චුටි බේබිවත් අරන් ඔෆිස් ගියානේ..නෝනාට දැන් කොහොමද..ඉන්න මම නෝනාට දෙහි එකක් ගෙන්නම්.."
හේසුට කියාගන්න බැරි දුකක් දැනුනෙ ගුකී අද උදේ හේසු නෑ කියලා අඩපු බව නැනීගෙන් දැනගන්න ලැබෙද්දි..
"මගේ ගුකි අද මම නිසා අඩලා.."
හේසු කුක්ව මැරි කරන්නත් හේතුව ගුකීගේ සතුට..එත් අද කෙල්ල නිසා එයාගේ ගුකී හොදටම අඩලා.. ගුකි ඇඩුවේ හේසු නැතුව අද ස්කූල් යන්න බෑ කියලා..හේසුගේ හිතට ලොකු වේදනාවක් දැනුනෙ ඊයේ ජොංකුක්ගේ හැසිරිමටත් අද ගුකීගේ ඇඩිමටත් තමන් නේද හේතුව කියලා හිතෙද්දි..
ඔෆිස් නොගිය කෙල්ල දවසෙම මග බලාගෙන හිටියෙ එයාගේ චුටි ගුකී ගෙදර එනකන් වුනාත් ගුකී අද ගෙදර ආවේ කුක් එක්ක හොදටම හවස් වෙලා..කුක් පොඩ්ඩාව අද ස්කූල් එකෙන් අරගෙන කෙලින්ම ඔෆිස් ගිහින් තිබුනා..
"ඔම්මියා..දන් ඔවාත සනිපද.."
ගුකී දුවගෙන ඇවිත් හේසුගේ ඇගේ එල්ලෙද්දි වෙනදා වගේම කෙල්ලගේ හිතට සැනසිල්ලක් දැනුනත් හේසුගේ මුණවත් නොබලා උඩට යන්න ගිය කුක් නිසා හේසුගේ හිත නිකන්ම බිදිලා ගියා..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
Fiksi PenggemarYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...