🍁24🍁

1.3K 191 129
                                    

හේසුගේ ඉකිය එන්න එන්නම වැඩිවෙද්දි කුක්ට තවදුරටත් බැරිවුනා කෙල්ලව රිදවන්න..හඩා නොවැටුනාට කුක්ගේ හිතත් කෙල්ලගේ තරමට රිදුම් දුන්නා..

"ඇයි මේ.."

කොල්ලගේ දිගු ඇගිලි හේසුගේ සොෆ්ට් කොණ්ඩ ගස් අතරින් එහෙ මෙහෙ යවනගමන් කුක් අහන්නේ හේසු තව තවත් කුක්ගේ ඉනවටා අත් තදින් ඔතාගනිද්දි..

"ම්..මාව දලා යන්න එපා.."

"මම කොහේවත් යන්නෑ..කෝ දැන් මාව අතරිනවා..තව ටික වේලාවක් ඔහොම බදාගෙන හිටියොත් මම තමුසෙගේ උකුල උඩට වැටෙයි.."

ඇත්තටම කුක්ව කෙල්ල බදාගෙන ඉන්න විදිහට කොල්ලා කොන්දෙනුත් කෙල්ලගේ පැත්තට ඇදිලා ඉන්නේ කකුල්වල බැලන්ස් එක බොහොම අමාරුවෙන් තියාගෙන..කෙල්ල කදුලු පිරුණු ඇස් ඇරලා බලද්දියි කොල්ලා කියපු කතාව ඇත්ත කියලා තේරුනේ..කෙල්ල හිමිට කුක්ගේ ඉන වටා එතුන අත් ලිහිල් කරා..එත් එක්කම කුක් අයෙම හේසු ගාවින් යන්න හැදුවේ ෆස්ට් එඩ් බොක්ස් එක තියලා එන්න උනාත්..

"අපි ඩිවොස් වෙනවද ජොංකුක්ශි "

වෙනදා වගේම ලොකු ඇස්වලින් කුක් දිහා බලන්  එහෙම ඇහුව්වත් අද ඒ ඇස්වල උතුරලා යන්න කදුලු පිරිලා තිබුනා..ඒ කදුලු අස්සේ හිරවුන හැගිම් තේරුන කුක්ගේ හිතම හිරිවැටිලා යන්න ගතවුනේ තත්පරයයි..අතේ තිබුන බොක්ස් එක පැත්තකින් තිබ්බ කොල්ලට ඉබේම හේසු ගාවින් ඉදන්වුනා..

"ඔයාට ඒක ඇහුනාද..ම්ම්ම් "

කෙල්ලට කතා කරගන්න බැරි තරම් දුකයි..ඔලුව වනනවා ඇඩුම් නවත්තගන්න යටි තොල හපනගමන්..

"ගුකී වෙනුවෙන් ඔයා මං ගාව තවදුරටත් හිරවෙලා ඉන්න ඕන නෑ..
ඒ නිසා අපි සෙපරේට් වෙමු..
ඒකට ඔයාගේ අකමැත්තක් නෑනේ "

හේසුගේ හිත රිදෙන බව දැන දැනම කුක් මෙහෙම කියන්නේ හැගිම් නැති කෙනෙක් වගේ කෙල්ලගේ හිතේ හිරවුන හැගිම් එලියට ඇදලා ගන්න අරමුණින්..කුක්ට තේරිලා ඉවරයි කෙල්ල තමන්ට ආදරේ කරන්න අරන් බව..කුක්ගේ හැගිම් තේරුම් ගන්න හේසුට කාල් ගියාට කුක්ට පුලුවන් කම තිබුනා ඇස් පිය ගහන සැනින් හේසුගේ හැගිම් කියවලා තේරුම් ගන්න..කුක් හිතට කියාගන්න බැරි තරම් සතුටක් දැනුනා කෙල්ල මෙහෙම හැසිරෙද්දි..මොකද කුක් දන්නවා හේසුගේ මේ හැසිරිමට හේතුව තමන් බව..ඒ වගේම හේසුට අද දැනෙන මේ හැගිම් කුක්ට දැනෙන්න අරගෙන දැන් හුගාක් කාල්..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now