බලහත්කාරෙන්ම වෑන් එකට නග්ග ගත්ත හේසු කෑගගහා දගලන්න ගත්ත නිසා ඩෑන්ගේ සගයින්ට සිද්ධ උනා හේසුගේ සිහිය නැති කරන්න කෙල්ලට drug එකක් ඉන්ජෙක්ට් කරන්න..JK Prison එකට හේසුව ගෙනත් ලොකප් කරෙ කෙල්ලගේ අත් කකුල් වගේම සිහිය නැතුව ඉන්න කෙල්ලගේ කටටත් ග්ලු ටෙප් අලවලා..පැය හතරකට පස්සෙ හේසුට ඉන්ජෙක්ට් කරපු drug එකෙ පවර් එක අඩුවෙන්න ගත්ත..කෙල්ල හෙමි හෙමින් විඩා බර ඇස් ඇරගන්න try කරත් කෙල්ලට එක ගොඩක් අමාරු උනා..ඒ හේසුගේ ඇගට ඇතුල් කරපු ඩ්‍රග්ස් කෙල්ලව ගොඩක් දුර්වල කරපු නිසා..
හේසු's POV
අහ්හ්හ්...මගේ ඔලුව..එක පුපුරලාවත් ගිහින්ද..දරාගන්න බැරි වේදනාවක් ඔලුවෙන් ආපු නිසා මට ඕන උනෙ දෑත බදලා ඔලුව තදින් තෙරපගන්න..එත් මට එහෙම කරගන්න බෑ..මගේ අත්..ඒවා මාව වඩිකරවලා තියෙන පුටුවට තියලා තදින් ගැට ගහලා..කකුල් දෙකත් හොලවන්න බෑ එවාත් ගැටගහලා..අනේ මට රිදෙනවා දෙයියනේ..දෙතුන් දෙනෙකුගෙන් එකපාර ගුටි කාලා වගේ මගේ මුළු ඇගම රිදෙනවා..
මාව පැහැරගත්තු මිනිස්සු මට මේ මොනවද කරලා තියෙන්නෙ..හ්ම්ම් කියාගන්නවත් බැරිවෙන්න මගේ කටත් ගැටගහලා..අනේ මම මොන වැරැද්දක් කරාට මෙහෙම හිර කූඩුවකට දලා තියෙන්නෙ..අදුරම විතරක් පිරුන මේ තැන දැක්කම මට ගොඩක් බය හිතෙනවා..ඔම්මා..!! මගේ ඔම්මා..අනේ එයා හුඟාක් බය වෙලා ඇති..මෙතන ගොඩක් අදුරු නිසා මට හිතගන්න බෑ අඩුම මේ දවල්ද රෑද කියලාවත්...මගේ හිතට බයයි..මම මේවගේ තැනක මේ ඉන්නවමයි..
ඇයි දෙයියනේ හැමදාම අපි වගේ අසරණ අයටම මේ වගේ දෙවල් සිද්ධ වෙන්නෙ..පුංචි දරුවෙකුට කෑම එකක් දුන්නා කියල මේ තරම් ලොකු දඬුවමක් ලැබෙයි කියල මම හිනෙකින්වත් හිතුවේ නෑ..මගේ ඇස්වලින් කදුලු කඩාගෙන වැටෙන්නෙ මට මගේ ජිවිතේ ගැන තියෙන බයකට නෙවෙයි මගේ අහිංසක ඔම්මා මතක් වෙන නිසා..මට මේ ලෝකෙ ඉන්නෙ ඔම්මා විතරයි..ඔම්මට ඉන්නෙත් මම විතරයි..අද මේ මිනිස්සු මාව මැරුවොත් මගේ අසනිප ඔම්මව බලාගන්නෙ කවුද..අනේ මගේ ඔම්මට නම් කරදරයක් වෙන්න එපා..
නොනවත්වා වැටෙන කදුලු මගේ කම්මුල් තෙත් කරද්දි මාව එකපාර ගැස්සිලා ගියෙ එළියෙන් ඇහුන සපත්තු අඩි සද්දෙ නිසා..මිනිස්සු දෙතුන් දෙනෙකුගේ කතා කරන සද්දෙත් මට ගොඩක් ළඟින් ඇහෙනවා..මාව වේව්ලනවා වගේ..එයාල එන්නෙ මාව මරන්නද..මම ඉදපු හිර කූඩුවේ අගුල කරවන සද්දෙ ඇහෙද්දි මම ඇස් තද කරලා පියාගත්තෙ මගේ ඔම්මව මතක් කරගෙන..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanficYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...