🍁7🍁

812 176 57
                                    


"මදේ චිංගු එයා ගොඩක් සොයි..මත ආදලෙයිත් කිව්වා.."

"ගුකි ඔයාට දොයි මත නැද්ද..ම්ම්"

"නා.."

පොඩ්ඩාගේ කකුල් දෙක කුක්ගේ ඉන වටේ දාගෙන චුටියා ඉන්නෙ ලැප් එකෙන් ඩොකියුමන්ට්ස් වගයක් බලන කුක්ගේ උකුල උඩ ඉදගෙන..කුක් ගෙදර ආපු වේලේ ඉදන් කොල්ලගේ කන් දෙකට නිවක් නෑ තේහන් කියන්නෙම හේසු ගැනමයි..මොනවා නැතත් කුක් දන්නවා අද තමන්ගේ ගුකි ඉන්නෙ හුගාක් සතුටින් කියලා..කොල්ලාත් පොඩ්ඩා කියන දේවල් අහගෙන ෆයිල්ස් චෙක් කරා..

"චිංගු කිව්වා මදේ ඔම්මා මට හුගාක් ආදලෙ නිතාලු අහතෙ මත පෙන්න දේදුනු අදින්නෙ..ඉතිං අයි කුකි එයා මාව බලන්න එන්නෙ නත්තෙ..ඔම්මා මාත් එක්ක තලහයිද.. "

ගුකි කුක්ගේ පපුවට හේත්තුවෙලා කොල්ලගෙන් ඒ අහපු ප්‍රශ්නෙට කුක්ගේ වේගෙන් කී පෑඩ් එක උඩ එහෙ මෙහෙ ගිය ඇගිලි එකපාර නතරවුනා..කුක් හැමදාම ගුකිගේ මේ ප්‍රශ්නෙ ඉස්සරහ හුගාක් අසරණ‍යි..කොල්ලා ලැප් එක පැත්තකින් තියලා පොඩ්ඩව තමන්ගේ පැත්තට හරවගත්තා..

"අනී.. මගේ ගුකි ගූඩ් බොයි කෙනෙක් නේ.. ඔයාගේ ඔම්මා මොකටද පැටියො ඔයා එක්ක තරහා වෙන්නෙ..එයා ඉක්මන්ට එයි මගේ ගුකිව බලන්න හොදද.."

චුටි කම්මුල් ඉබලා කුක් පොඩ්ඩාට එහෙම කියද්දි පොඩ්ඩා සතුටින් හිනාවෙලා කොල්ලගේ පපුවට තුරුලු වුනා..ඒ පපුව පිච්චෙනවා වගේ කොල්ලා කොහොම නම් කියන්නද ගුකිගේ ඇත්ත ඔම්මා අයෙ කවදාවත් චුටි ගුකිව බලන්න එන්නෙ නෑ කියලා..

"මියානේ මගේ ගුකි..මට ඔයා වෙනුවෙන් මේ ලෝකෙ දෙන්න බැරි එකම දේ තමයි ඔයා ඔය සැරෙන් සැරෙ මගේන් ඉල්ලන්නෙ.. "

කුක්ගේ තුරුලට ගුලි වෙලා නිදන පොඩ්ඩ දිහා ඇස්වල කදුලු පුරවන් කුක් මුමුනවා..

****

"ම්ම්ම්...CV එක හරි..අනික් ස්ටිෆිකෙට් ටිකත් හරි..දැන් තියෙන්නෙ යන්න විතරයි.."

බ්ලැක් ස්කට් එකට පියෝ වයිට් බ්ලවුස් එකකින් සැරසුන හේසු ඉන්ටවිව් ලෙටර් එකේ තිබුන ටයිම් එකට පැයටත් කලින් ගෙදරින් පිටත්වුනේ හිතෙ පුංචි බලාපොරොත්තුවකින්..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now