🍁3🍁

888 185 29
                                    

හේසු ගෙදර ආවේ ගොඩක් සතුටින් කෙල්ල ආපු වේලේ ඉදන් ඔම්මත් එක්ක කියවන්නෙම අද තමන්ට හම්බුන පුංචි යාලුවා ගැන...

"අනේ මගේ කෙල්ල හැමදාම මේ වගෙ සතුටින් ඉන්නොන.."

ඔම්මා හේසුගේ ඔලුව අතගලා කිව්වේ හේසුගේ මුණෙ තිබුන සතුට දැකලා..

"ඔම්ම ඔයාට මතකද අද උදේ මම කියලා ගියා හවසට මම අයෙ ගෙදර එන්නෙ ගොඩක් සතුටින් කියලා..ම්ම්ම්....ඒ කතාව ඇත්තක් උනා ඔම්මා අද මම ඉන්නෙ ගොඩක් සතුටින්..ඔන්න ඔයා බලන්නකො ඔම්මා මම ඉක්මන්ටම ජොබ් එකකුත් හොයා ගන්නවා"

හේසු හිනාවෙවි එහෙම කිව්වත් ඔම්මට කෙල්ල ගැන දුක හිතුනා ඒත් ඔම්මා ඒ බවක් හේසුට පෙන්නුවේ නෑ..හේසු කොච්චර සතුටින් ඉන්න බවක් ඔම්මට පෙන්නුවත් ඔම්මගේ හිතට දැනෙන්නෙම තමන්ගේ අසනිප නිසා හේසුගේ ජිවිතේ වටිනාම කාලේ තමන් වෙනුවෙන් කැපකරනවා කියන වරදකාරි හැගිම..ඒ හිත ඔම්මා කෙනෙක් විදියට හිල්ලෙනවා හේසුගේ වයසෙ අනෙක් ළමයි කැම්පස් යද්දි හේසු දවස ගානේ නොයෙක් companies වල ජොබ් interviews පස්සෙ දුවනවා දැකලා..

එත් හේසුට නම් ඒ කිසිම දේයක් දුකක්,කාලය නාස්ති කිරිමක් විදියට දැනුනෙ නෑ මොකද හේසු මේ හැමදේයක්ම කරෙ ගොඩක් කැමැත්තෙන් වගේම තමන්ගේ අහිංසක ඔම්මට තියෙන අසිමිත ආදරෙ නිසා..

*******************

"තේහන් බේබි...බේබි දැන් ගිහින් නිදාගන්න සර් එන්න තව රෑ වෙයි කිව්වා.."

නයිට් සුට් එකත් ඇදගෙන අති සුඛෝපභෝගී මන්දිරයෙ ඉදිරි දොරටුව ගාව ඉන්න පුංචි තේහන්ට එහෙම කිව්වේ මේ මහ මන්දිරයෙ තේහාන්ව බලාගන්න යොදවලා ඉන්න සේවකයින් අතරින් තවත් එක් සේවකයෙක්..ඔහු නමින් ජේක්..තේහන්ව බලාගන්න ඉන්න සේවකයො අතරින් පොඩ්ඩා ටිකක් හරි කියන දේ අහන්නෙ ජේක්ගෙයි..

ජේක් කියපු කතාවට තරමක් කේන්තිය ගිය පොඩ්ඩා ජේක් ඒ කියපු දේට තමන් අකැමැති බව පෙන්න වගේ ස්භාවයෙන්ම ලොකු ඒ ඇස් තවත් ලොකු කරලා ජේක් දිහා බැලුවේ කට කොනින් පුංචිට රවනගමන්..ජේක්ට නම් හිනා ගියා පොඩ්ඩගේ ඒ කියුට් රැවිල්ල දැකලා..

"අරස්සො අරස්සො..බේබි ඉන්න..මාත් බේබිත් එක්ක මෙතනම ඉන්නම්කො සර් එනකන්.."

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now