🍁25🍁

1.2K 176 52
                                    

''ඒ දවස්වල මම කෝලේජ් යනවා..
අප්පායි ඔම්මයි මමයි හ්‍යුංනුයි අපි හුගාක් සතුටින් ජිවත්වුනා..මගේ ජිවිතේ ලස්සනම වගේම මම තාමත් කැමතියි ඒ ආදරේ පිරුණු අතීතයට හේසුයා..මට කාල තරණය කරන්න ලැබුනොත් මම අදත් කැමතියි ඒ අතීතයට යන්න..ඔම්මගේ ආදරේ හ්‍යුංන්ගේ ආදරේ මට අයෙත් විදින්න ඕනේ..''
''මනී පොගොෂ්පොයො..!!!''

"මම හයි ස්කුල් එකේ ෆයිල් ඉයර් එකේදි වගේ තමයි අපේ හ්‍යුංන් යුනායා නූනා එක්ක එන්ගෙජ් වුනේ.."

යුනායා නම ඇහෙද්දි කෙල්ලට කෙනෙක්ව මතක් වුනා..

"ඒ දවසෙ මම හුගාක් සතුටු වුනා..
නූනා හුගාක් හොදයි..එයා අපේ පවුලේ අයට හරි ඉක්මනින් එකතුවෙලා ඊටත් වඩා ඉක්මනින් අපේන් ඈත්වෙලා ගියාත් අදටත් මගේ හිතෙ හ්‍යුංන්ට වගේම නූනාටත් තියෙන්නේ එක හා සමාන ආදරයක් හේසුයා.."

මේ මතක අවර්ජනය කරපු සුළු කාලයෙත් කුක්ගේන් පිටවෙන බර සුසුම් නම් නිමක් නෑ..කොල්ලගේ හැගිම් තේරුම් ගත්ත හේසුගේ අතක් කුක්ගේ අතක් තදි අල්ලගනිද්දි කොල්ලගේන් මද සිනාවක් පිටවුනා.. ඒ සිහින් තොල් තනි රේඛාවකින් හැඩවෙලා..

"එයාලා මැරි කරා..හ්‍යුංන්ගේ වෙඩින් එක දවසේ හැමෝටම වඩා සතුටු වුනේ අපේ ඔම්මා..
එදා පළවෙනි වතාවට මටත් හිතුනා හ්‍යුංන්ගේ වෙඩින් එකේදි ඔම්මා මෙච්චර සතුටු වෙනවා නම් මම මැරි කරන දවසට එයා කොච්චර සතුටු වෙයිද කියලා..එත් එයා මගේ වෙඩින් එක දකින්න හිටියෙ නෑ මැණික.."

කුක්ගේ ඇස්වලින් කදුලු බේරෙනවා..හේසු කොල්ලගේ පපුවට තවත් තුරුලු වුනේ කුක්ගේ පපුවේ පිරුන දුක බේදාගන්න..හේසුට ඕන වුනේ කුක්ට හයියක් වෙන්න..කොල්ලා තනිවෙලා නෑ තමන් එයා ළඟ ඉන්නවා කියලා අගවන්න..

"දවසක් මම කෝලේජ් ගිහින් එද්දි අපේ ගෙදර අය ටිකක් කලබල වෙලා හිටියා..එදා සොක්ජින් හ්‍යුංනුත් ඇවිත් හිටියා..නූනා හිටිගමන් අසනිප වෙලා..කලබලෙන් හ්‍යුංන්ලාගේ රූම් එකට ගිය මට තාම මතකයි නූනා හරි සතුටින් මට කිව්ව දේ.."

"කුකි ඔන්න ඔයා චුටි බප්පෙක් වෙන්නයි යන්නේ'' කියලා..

කුක් එහෙම කියද්දි කොල්ලට ඉකි ගැහුනා..කොල්ලගේ පපුවේ පිරුණු වේදනාව හේසුට තදින්ම දැනෙනවා..

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now