හේසුගේ තුරුලට වෙලා කිරි උරන චුටියා දිහා ගුකි බලාගෙන ඉන්නෙ හේසු ළගින්ම ඉදගෙන..කුක් හිටියෙත් චුටියා දිහා බලාගෙන වුනාත් ඒ ඇස් හොරැහින් හේසු දිහා නොබැලුවාමත් නෙවෙයි..ගුකි ඉන්නෙ හේසු එක්ක බේඩ් එකෙ ඉදගෙන කුක් ඉන්නෙ රූම් එකෙ දොර ගාව හිටගෙන දෙඅත් එකිනෙක බැදගෙන..
"බේබි ඩොල්.. එයා හලිම සොෆ්ට්.."
ගුකි හරි පරිස්සමට සද්දෙට කිරි බොන චුටික්කිගේ රෝස පාට යටි පතුල් අල්ලලා කියනවා..
"අපේ ගුකීගේ වගේ..නේද.."
හේසු හිනාවෙලා කියද්දි ගුකීත් හිනාවෙලා ඔළුව වැනුවා..ගුකි ඉන්නෙ ලොකු සතුටකින් එයාට එයාගේ කුකී කිව්වා වගේම එයාගේ ඔම්මියා අයෙත් හම්බවෙලා..එකත් එයා ආස කරපු ඩොලි ප්‍රින්සසුත් එක්කම..
"මගේ ගුකී දන්නවාද මේ බේබි ඩොල් බබාගේ කවුද කියලා.."
ගුකි සතුටින් ඔළුව හොලවලා..
"මගේ සුටී දොංසෙන්..කුකී කුව්වේ.."
පොඩ්ඩා හේසුට එහෙම කියද්දි කෙල්ලට නිකන්ම බැලුනෙ කුක් දිහා..හේසුගේ මුණ අහිංසක හිනාවකින් පිරිලා තිබුණත් කුක් හේසුව ගණන් නොගෙන හේසුගෙන් කිරි බිලා ඉවර වුන චුටියා වඩාගත්තා..
"ගුකී රෙඩි වෙන්න අපි අද ගෙදර යනවා.."
"බේබි ඩොලුත් අපි එක්ක යනවාද කුකී"
පොඩ්ඩා අහන්නෙ ඇස් ලොකු කරගෙන මුණ බිමට හරවන් ඉන්න හේසු ළඟින් ඈත්වෙලා කුක්ගේ ඇගේ එල්ලිලා..
"ඔව් අනිවාරෙන් ඔයාගේ බේබි ඩොල්වත් අරන් තමයි අපි යන්නෙ..කො ගිහින් ඉක්මනට රෙඩි වෙන්න බේබි.."
කුක් හේසු කියලා කෙනෙක් තමන් ඉදිරියෙ නෑ වගේ ගුකීට එහෙම කියලා චුටී පැංචිවත් අරන් රූම් එකෙන් එළියට ගියා..
"ඔම්මියා..ඔයාත් එන්න අපි රෙඩි වෙමු ගෙදර නන්න.."
ගුකී හේසුගේ අතින් අල්ලගෙන කියනවා..හේසු ලොකු ආයාසයකින් කදුලුවලට වැටෙන්න නොදි ගුකී හුරතල් ඇස් බෝල දිහා බැලුවා..
"ගුකී මැණික , මේ අහන්නකො..දැන්ම ඔයාගේ ඔම්මියාට ගෙදර එන්න බෑ..ඒ නිසා මගේ මැණික අප්පායි ඔයාගේ දොංසෙනුයි එක්ක ගෙදර යන්න..මම පස්සෙ එන්නම්..හා නේද"
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
Fiksi PenggemarYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...