🍁15🍁

867 184 70
                                    

මිස්ටර් ජොන්හ්ගේ කෝල් එක ඉවර වෙලා විනාඩි පහලවක් ගතවෙන්නත් කලින් කුක් ආවේ තමන්ගේ ගුකිව බලන්න පුදුම නොඉවසිල්ලකින්..

"ගුකි...!!!"

රූම් එකට දුවගෙන ආව කුක්ගේ ඇස් ලොකු උනේ චුටි ගුකිගේ අතේ ගහපු කැනියුලා එක දැකපු පාර..

"සෙලයින් දෙන්න තරම් මගේ ගුකිට මොකද වුනේ.."

ඉක්මන් අඩි තියලා චුටියා හන්සිවෙලා ඉන්න බේඩ් එකෙන් ඉදගත්ත කුක් ඇහුව්වේ භාගෙට ඇස් පියවිලා හින් හඩින් මොනවද මුමුනන තේහන්ගේ නළලේ වතුර තවරපු ප්ලාස්ටර් එකට අතක් තියලා..

"බබාට high fever ජොංකුකා...කෑම මුකුත් කාලා නැති නිසා බබා ටිකක් වික් වෙලා.. "

ෆැමිලි ඩොක්ටර් හොසොක්ශි කුක්ට එහෙම කියද්දි කොල්ලට හිතගන්න බැරිවුණා එකපාරම ගුකිට මෙච්චර උණ ගන්න හේතුවක්..

"ඩෑන් ගුකි ස්කූල් එකේදි වතුරේ සෙල්ලම් කරාද..අප්පා නැත්නම් ඔයා ගුකිට හවස් වෙලා අයිස්ක්‍රිම් කන්න දුන්නාද.. "

ගුකිගේ ඇද ගාව හිටන් ඉන්න මිස්ටර් ජොන්හ්ගේත් රූම් එකේ දොර ගාව හිටන් ඉන්න ඩෑන්ගෙත් උත්තර උනේ..

"නෑ බොස්.., බේබි මොන්ඩිසොරියෙදි වැඩිය සෙල්ලම් කරන්නේ නෑ..අනික වතුර නම් ඇල්ලුවත් නෑ.."

"අනී..ආදල්,මම දරුවාට හවස් වෙලා මුකුත් කන්න දුන්නෑ.."

"එහෙනම් කොහොමද මගේ ගුකි මෙච්චර ලෙඩ උනේ..හ්‍යුංන් මෙයාගේ උණ එන්න එන්න වැඩි වෙනවා වගේ.."

ගුකිගේ ලස්සන රෝස කම්මුල් ,භාගෙට පියවුන ඇස් බෝල තද රතු වෙලා චුටි පැටියා හුස්ම ගන්නෙත් කටින් වගේ..කුක්ගේ පපුව ගැහෙන වේගෙත් එන්න එන්න වැඩි වෙනවා පොඩ්ඩා මේ තරම් අමාරුවෙන් ඉන්නවා දකද්දි..හොසොක් treatments කරාට ගුකිගේ උණ අඩුවෙන පාටක් කුක්ට වගේම ඩොක්ටර් හොසොක්ටත් පෙනුන්නෑ..

"මට පෙන විදියට බබා මොකක් හරි දේයට බය වෙලා තියෙනවා ජොංකුකා..අයි මින් , සාමාන්‍යයෙන් පොඩි බබාලට මේ වගේ අසාමාන්‍ය උණ තත්වයන් ඇති වෙන්නේ එයාලගේ යටි සිත යම් කිසි දේට බය ගැන්වුනාමයි..ඒ නිසා වෙන්නොන බබාගේ උණ අඩුවිමක් නැත්තේ..අනික ගුකි බබා ඔයා එන්න ටිකකට කලින් එකපාරක් කාගේද නමකුත් කිව්වා.. "

Sun & ♏oon ||JJK||🍁(Completed✔️)Where stories live. Discover now