දින සති ගෙවිලා ගියෙ චුටි තේහන්ගේ හිත රිදවලා..පොඩ්ඩා හැමදාම ඉන්ටවල් බෙල් එක වදිනකොට ස්කූල් ගේට්ටුව ගාවට දුවං ආවේ පොඩ්ඩගේ චිංගුව දකින්න..එත් ඒ ආපු හැම වේලාවෙම චුටියාගේ මුණ දුකින් පිරුනෙ හේසුව දකින්න නොලැබුන නිසා..අදත් ඒ වගේ තේහන් හේසු එයි කියල පාර බලාගෙන ගේට්ටු පියනට මුණ තද කරන් ඉද්දි ටීචර් ඇවිත් පොඩ්ඩව මොන්ඩිසොරිය ඇතුලට එක්ක ගියා..
එදා සිදුවිමෙන් පස්සෙ හේසුගේ හිත කොච්චර ආස වුනාත් කෙල්ල හුගාක් බය වුනා කිසිම බැදිමක් නැතිව හිතෙ ලොකු ආදරයක් ඇතිවුන චුටි තේහන්ව බලන්න යන්න..පුංචි කාලේ ඉදන් ලාමකව හැදුන තමන්ගේ පාඩුවේ ජිවත්වුන අහිංසක කෙල්ලක් වුන හේසුට ජොංකුක්ගේ prison එක තුළදි තමන් ලද අත්විදිම අමතක කරන්න ගොඩක් අමාරු වුනා..කෙල්ලගේ හිත නමක් ගමක් නොදන්න ඒ නපුරු ඇස්වලට හුගාක් බයවුනා..
"මැරයා..වැරදි කරලා තව මට සද්දෙකුත් දාලා ගිය හැටි..හිතෙන්නෙම පොලිසිට අල්ලලා දෙන්න.."
සතියක් ගත වුනාත් කෙල්ලගේ හිත ඒ මැර කොල්ලට නිතරම බැන්නා..දැනුත් හේසු කරන්නෙ සෝයා බෝංචි සුද්ද කරගමන් කොල්ලට දෙහි කපන එක..
"හේසුයා..ඔයා මොනවාහරි කිව්වද පුතේ.."
ව්‍යංජනයක් හැදි ගගා උන්න හේසුගේ ඔම්මා ඇහුව්වේ කෙල්ල හෙමිට මොන මොනවදෝ මුමුනවා ඇහිලා..
"අනී..ඔම්මා මුකුත් නෑ..දෙන්න ඕක මං බලන්නම්..ඔම්මා ගිහින් ටිකක් විවේක ගන්න..ඔම්මාට ලිප ගාව ඉන්න හොද නෑ.."
හේසු ඔම්මගේ අතින් හැන්දත් අරගෙන ඔම්මව කිචන් එකෙන් යවාගත්තා..කෙල්ල තමන්ගේ ඔම්මා ගැන හුඟාක් වදවුනා..ඒ නිසායි හේසු සතියට කලින් කෙල්ලව පාතාල කල්ලියක පැහැර ගැනිමකට ලක්වුන බවවත් ඔම්මට නොකිව්වේ..
සුද්ද කරලා ඉවරවුන බෝංචි ටික නටාගෙන එන සුප් බදුනට දාපු කෙල්ල කිචන් එකත් අස්පස් කරලා ඔම්මට කන්න කෑමත් මේසෙට ඇරලා මිදුලට බැස්සෙ අලුතින් ඉන්දුව ඩෙසි මල් පෑළවලට සාත්තු කරන්න..හේසු මල් වවන්න ආස කෙනෙක්.. ගේ මිදුල ඉඩ කඩ සිමිත වුනාත් මිදුල පුරාම නොයෙක් මල් ජාති හිටවලා තිබුනා..
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
Fiksi PenggemarYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...