රූම් එකේ දොර ඇරෙනවා දැක්ක හේසුගේ ඇගෙ මයිල් කෙලින් වුනා..කෙල්ලට කරකියා ගන්න දේයක් ඔලුවට එන්නෙත් නෑ..එහෙමයි කියලා කෙල්ලට කොහොත්ම බෑ කුක් ඉදිරියෙ මේ විදිහට ඉදලා ලැජ්ජා වෙන්න..හිතට ආව ක්ෂණික අදහසට අනුව කෙල්ල ඉක්මනින් ළඟ තිබුන ඇද යටට රිංගගත්තේ අතට ගත්ත තුවායත් කලබලෙට බිමට විසිකරලා..
"මේ සොම්බියා තාම වොෂ් රූම් එකේද.."
රූම් එක ඇතුලට ආව කුක් කියන්නේ වොෂ් රූම් එක පැත්තට ඇවිදගෙන යන ගමන්..
"යකෝ මේ හොල්මන දියවෙලා ගිහින්වත් ද වොෂ් රූම් එක ඇතුලේ කිසි සද්දයක් නෑ නේ.."
කුක් වොෂ් රූම් එක ගාව හිටගෙන තනියම කියවන්නේ රූම් එකේ දොරට අතකුත් තියන ගමන්..
"යහ්හ්..කො මේ සොම්බියා..එයි සොම්බි මැඩම් තමුසෙ කොහේද ඉන්නේ.. "
කොල්ලා දොරට අත තිබ්බ පාර ලොක් නොකර තිබ්බ දොර ඉබේ තල්ලුවෙලා ගිහින් ඇරුනා..වොෂ් රූම් එක ඇතුලට ඔලුව දාපු කොල්ලගේ නළලත් රැලිවුනේ තමන් බලාපොරොත්තු වුන කෙනා ඇතුලේ නොඉදිය නිසා..
"යහ්හ්..සොම්බියා තමුසෙ කොහෙද ගියෙ.."
ඇද යටට වෙලා ඉන්න කෙල්ලට රූම් එක වටේ තමන්ට කතාකර කර යන කුක්ගේ කකුල් දෙක ඇද පැත්තට එනවා පෙනෙද්දි අත් දෙකම එකතු කරලා හුස්ම ගන්න සද්දේ නැහෙන්න නහයයි කටටයි දෙකම තද කරලා වහගත්තා..
"යහ්හ්..හේසු..තමුසෙ මගේ යකා අවුස්සගන්න නැතුව ඉන්න තැනකින් එලියට එනවා.."
කොල්ලගේ හිතට බයක් දැනුනෙ කෙල්ල බෙඩ් රූම් එකේ කොහේවත් පෙන්න නොඉදිය නිසා..ඒසී රූම් එකක් ඇතුලේ ඉදියත් මේ ඉන්න සෙටුවෙෂන් අනුව කෙල්ලට හොදටම දඩියත් දලා..කොල්ලා කෑගහන්නේ ඇද උඩ ඉදගෙන කකුලකුත් ටයිල් පොලොවේ හප්පලා..එත් එක්කම කුක්ගේ කටේ සද්දේට බය වුන කෙල්ලගේ අතක් ගිහින් බේඩ් එකට පැත්තෙන් තිබුන සයිට් ටේබල් එකේ වැදුනා..
"යහ්හ්..තමුසෙ මාත් එක්ක සෙල්ලමං කරනවාද..එනවා එලියට.."
ඇද යටින් ආව සද්දේට කුක් ඇද යටට පහත් වෙන්න හදවනවත් එක්ක...
"අන්දේයෝඕඕ......!!!!! ජොංකුක්ශි එපා..ඇද යටට එබෙන්න එපා..මගේ ටවල් එක නෑ.."
YOU ARE READING
Sun & ♏oon ||JJK||🍁(Completed✔️)
FanfictionYou'r my 🌞 My🌙 & All my 🌟's ___________________________ ____🌞🌙____________________________ ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...