09

1.4K 299 35
                                    

ඊළඟ දවසෙ උදේ ටේහ්‍යුන් ඇහැරුනෙ දිගටම නාද වෙන එයාගෙ ෆොන් එක නිසා. කේන්තියෙන් ගොරවමින් ඇඳේ පෙල්ලුන ටේහ්‍යුන් මේසෙ උඩ තිබුන ෆෝන් එක අතපත ගාමින් හොයලා අතට ගත්තා. කලින් දා මුළු රාත්‍රිය පුරාම අඬලා තිබුන නිසා ඇස් ඉදිමිලා තිබුනා. කෝල් එක කට් වෙනවත් එක්කම ෆෝන් එක දිහා බලපු ටේහ්‍යුන්ගේ ඇස් උඩ ගියා.

"මෙච්චර මිස් කෝල්ස්? මොකද්ද වෙලා තියෙන්නෙ. යුන්ගිගෙන් 22 යි ජින්ගෙන් නවයයි පොලිසීයෙන් හතර-"

"ටිකක් ඉන්න! පොලීසියෙන්?! පොලීසියෙන් මොකටද මට කෝල් කරන්නෙ?!" නළ රැලිකරගෙන කල්පනා කරපු ටේහ්‍යුන් යුන්ගිට කෝල් එකක් ගන්න හදනකොටම යුන්ගිගෙන් එයාට කෝල් එකක් ආවා.

"හෙ-"

"ඇති යන්තන් දැන්වත් ආන්සවර් කලා. කොහෙද මනුස්සයෝ ෆෝන් එක දාලා ගියේ?!" යුන්ගි කෑගැහුවා.

"අහ් ඊයෙ රෑ නිදාගත්තෙ පාන්දර වගේ. ඇයි මොකද්ද උනේ?"

"මට ෆෝන් එකෙන් මොකුත් කියන්න බෑ පුලුවන් තරම් ඉක්මනට ලෑස්ති වෙලා ඉක්මනට vante එකට එන්න."

"ඒත්-"

"මේ දැන්ම!!" යුන්ගි කෝල් එක කට් කලා

"හෙ-හෙලෝ හෙලෝ!" යුන්ගි කෝල් එක කට් කලා කියලා තේරුන ටේහ්‍යුන් හුස්මක් හෙලුවා.

"ශිට්!!" තරහෙන් ෆෝන් එක පැත්තකින් තිබ්බ ටේහ්‍යුන් ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව උදේ හතයි. අත් දෙකෙන්ම මූන අතුල්ලපු ටේහ්‍යුන් ඉක්මනින් ලෑස්ති වෙන්න කියලා බාත්රූම් එකට ගියා.

Jungkook's side story

වෙලාව උදේ දහයයි. ජන්ග්කුගේ පළවෙනි ලෙක්චර් එක ඉවර වුනා විතරයි. ළමයි ටික සැනසුම් සුසුම් හෙළලා සමහර අය පොඩි පොඩි කණ්ඩායම් ගැහුනේ ආගිය තොරතුරු කතා කරන්න. තව පිරිසක් හෝල් එකෙන් එළියට ගියේ වෙන ඩිපාට්මන්ට් වල ළමයින්ව මුන ගැහෙන්න වගේම වෙන කටයුතු වලට. සමහර ළමයි තමන්ගේ ෆෝන් අරගෙන යාලුවොත් එක්ක එකතු වෙලා ෆෝන් එකෙන් වීඩියෝ බලමින් සමාජ මාධ්‍යජාල වල ගැවසුනා. ජන්ග්කුක් නම් සුපුරුදු පරිදි පොතට ඔලුව ඔබාගෙන තනියම වාඩි වෙලා හිටියා. මේ අතරේ ජෙනී හෝල් එකට ඇතුල් වුනා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now