10

1.4K 299 15
                                    

"ඇති යන්තන් ඒ වැඩේ ඉවරයි." හුස්මක් හෙළපු ටේහ්‍යුන්ගේ නීතිඥ මිස්ටර් කන්ග් කිව්වේ ටේහ්‍යුන්ට. මේ දෙදෙනාම හිටියේ පොලීසිය තුළ කාමරයක.

"මේ චැනල්කාරයෝ එක්කනෙ කරන්න බැරි. උන් එක දෙක කරලා කියන්නෙ. උන්ට ඕන උනේ කොහොමහරි පොලීසියවත් අව්ස්සලා අර කොල්ලගෙ නම හොයාගෙන ඔයාටයි ඒ කොල්ලටයි තියෙන සම්බන්ධෙත් හොයාගෙන උන්ගෙ චැනල් වල විව්ස් වැඩි කරගන්න." මිස්ටර් කන්ග් ආයිත් කිව්වා.

"පොලීසියට ඒක කිව්ව කෙනාව හොයාගත්තද?" ටේහ්‍යුන් ඇහුවා.

"නෑ. හොයලා වැඩක් නෑ දැන් ඒක ඉවරනෙ. නමක් කියලා නෑ. හැබැයි කෙල්ලෙක්." මිස්ටර් කන්ග් කිව්වා. ටේහ්‍යුන් හුස්මක් හෙළුවා.

"හැබැයි මිස්ටර් කිම්.. ඔයා ඒ කොල්ලා කවුද කියලා නොකීව එක හොඳ වැඩක්. නැත්තන් මුන් සේරම එකතුවෙලා ඒ කොල්ලගෙ ජිවිතේම එපා කරවයි." මිස්ටර් කන්ග් ආයිත් කිව්වම ටේහ්‍යුන් කටකොනකින් යන්තන් හිනා වුනා.

"පුදුමයි, ඔයා කෙනෙක් ගැන එහෙම සැළකිලිමත් උනාමයි ඔය. ඔයාට මටවත් කියන්න බැරිද නපුරු CEO ගෙ හිතගත්ත ඒ වාසනාවන්ත කොල්ලා කවුද කියලා හ්ම්ම්?" මිස්ටර් කන්ග් ටේහ්‍යුන්ට කිව්වම ටේහ්‍යුන් එයාට රැව්වා.

"ඒක ඔයාට අදාළ දෙයක් නෙමෙයි මිස්ටර් කන්ග්. අනික මගෙ හිතගත්ත කවුරුත් නෑ." ටේහ්‍යුන් කිව්වා.

"හහ්? හිතනවද මං ඒක විශ්වාස කරයි කියලා මිස්ටර් කිම්? ඔයා මොනවා කිව්වත් දැන් දැන් ඔයාගෙ හැසිරීමෙ අමුතු වෙනසක් වෙනවා කියලා ඔයාම පිළිගන්න." මිස්ටර් කන්ග් කිව්වේ ටේයුන්ගෙන් බැනුම් බලාපොරොත්තුවෙන්. ඒත් කිසිම සද්දයක් නැති වුන නිසා ටේහ්‍යුන් දිහා බලපු මිස්ටර් කන්ග් දැක්කෙ අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන ඇස් දෙකත් තද කරලා පියාගෙන ඉන්න ටේහ්‍යුන්ව. ටේහ්‍යුන් ඇස් දෙක ඇරලා වේගෙන් ඇහිපිලම් ගැහුවේ නළල අත් දෙකෙන් සම්බාහනය කරමින්.

"මිස්ටර් කිම් ඔයා හොඳින්ද?" මිස්ටර් කන්ග් ටේහ්‍යුන් ගාවට යන්න හැදුවත් එතකොටම ඒ දෙන්නා ඉඳපු කාමරේ එළියෙන් කලබලයක් ඇහුන නිසා දෙන්ගෙම ඔලුව දොර දිහාවට ක්ෂණිකව හැරවුනා. ටේහ්‍යුන් දැන් යම් තරමක් යථා තත්ත්වයට පත් වෙලා හිටියා. නළල රැලි කරගත්ත දෙන්නම දොර දිහාවට යන්න යන්නම එළියෙන් ඇහෙන කටහඬවල් පැහැදිලිව එයාලට ඇහෙන්න පටන් ගත්තා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now