12

1.5K 284 14
                                    

වෙලාව උදේ හතයි කාලයි. ඔරලෝසුව දිහත් අවහන්හලේ දොර දිහත් බලමින් ජිමින් වීදුරු මේසෙට ඇඟිලි වලින් තට්ටු කරමින් හිටියා. එතකොටම අවහන්හලේ දොරෙන් මතු වුනු හෝසොක් වටපිට බැලුවම දැක්කා අවහන්හලේ කෙළවරේ මේසෙක ඉඳන් එයාට අත වනන ජිමින්ව. එයා ඉක්මනින් ගිහින් එතනින් වාඩි වුනා.

"සොරි ටිකක් පරක්කු උනා." හෝසොක් කිව්වා.

"අහ් ඒකට කමක් නෑ හියුන්. අපි මොනවහරි කාලා ඉමු නේද?" ජිමින් කිව්වම හෝසොක් එකඟව හිස වැනුවා. ඊටපස්සෙ ඒ දෙන්නා ආහාර ඇණවුම් කරලා කෑම කන්න පටන් ගත්තා. කෑම කන අතරේ දෙන්නා ඒ දෙන්නගෙ ආගිය තොරතුරු කතා කලා. කෑම කාලා අවසන් වුනු හෝසොක් දැනටමටමත් එයා කාලා ඉවර වෙනකන් බලන් ඉන්න ජිමින්ට අවධානය යොමු කලා.

"එහෙනම් අපි කාරණවට එමු. මට මුල ඉඳන්ම සේරම විස්තර කියන්න ජිමින්. මේ මිස්ටර් කිම් ජන්ග්කුක්ගෙ පස්සෙන් එන්නෙ කවදා ඉඳන්ද කොහොමද?" හෝසොක් හඬ බාල කරලා බැරෑරුම්ව කිව්වා.

"ඇත්තම කතාව හියුන්.. ඒකෙ අනිත් පැත්ත. ජන්ග්කුක් තමා මිස්ටර් කිම්ගෙ පස්සෙන් යන්නෙ මට පේන විදිහට." ජිමින් කිව්වම හෝසොක් ඇස් දෙක ලොකු කරගත්තා.

"මොකක්? ඒක වෙන්න බෑ. අපේ ජන්ග්කුක් එහෙම කෙනෙක් නෙමේ කියලා දන්නවනෙ? අනික එයාට වෙන කෙනෙක් ගැන හැඟීම් ඇති වෙන්න බෑ. ඔයා දන්නවනෙ මං කියන්න හදන දේ." හෝසොක් කිව්වම ජිමින් හුස්මක් හෙලුවා.

"ඒක තමා මං ඔයත් එක්ක මේ ගැන හම්බවෙලාම කතා කරමු කිව්වෙ. මේක ප්‍රෙහෙලිකාවක්. ඔයා කිව්වා වගේ ඒක වෙන්න බෑ තමා. ඒත් ඇත්ත තමයි දැන් ඒක සිද්ද වෙනවා. හිතා ගන්න බෑ මට මේ කිසිම දෙයක්."

"මට කියන්න මුල ඉඳන්ම සේරම විස්තර ටික." හෝසොක් කිව්වම ජිමින් කතාව කියන්න පටන් ගත්තා.

"හොඳයි, එහෙනම් හොඳට අහගන්න." කිව්ව ජිමින් ජන්ග්කුක් එයාට කිව්ව මහ රෑ සිහි නැති වෙලා පාරෙ වැටුනා කිව්ව කතාව හෝසොක්ට කිව්වා. ඒ වගේම එදා ඉඳන් ජන්ග්කුක්ගේ හැසිරීම ගැනත්. මුලු කතාවම අහපු හෝසොක් හුස්මක් හෙලුවා.

"මට නම් පේන්නෙ ජන්ග්කුක් එයාට කැමතියි වගේ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක මොනවගේ කැමැත්තක්ද කියලා. ආකර්ෂණයක්ද නැත්තන් ඊට එහා දෙයක්ද කියලා." හෝසොක් කිව්වා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now