14

1.3K 294 15
                                    

හිමින් හිමින් ඇස් පිල්ලම් ගහමින් අවදි වුනු ජන්ග්කුක් නිදිමතින්ම ඇස් දෙකත් බාගෙට ඇරගෙන එයාගෙ මූන ගාව තියෙන නිරුවත් පපුව දිහා බලන් හිටියා.

"ඔහ් මේ මොකද්ද?" මස් පිරුනු තද පපුව සිනිඳුවට අත ගාමින් ජන්ග්කුක් නිදිබර හඬින් කිව්වා.

"පපුවක්?" ජන්ග්කුක් ඊටපස්සෙ උඩ බලලා නිරුවත් පපුවේ අයිතිකාරයගෙ මූන දිහා බැලුවා.

"ඔහ් හරියට මිස්ටර් ටේහ්‍යුන් හියුන් වගේමයි." එහෙම කිව්ව ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ කම්මුල්, එයාගෙ පියවුනු ඇස් අත ගෑවා.

"හීනෙන් ඔයාව පේන තරමට මං ඔයාට ඇබ්බැහි වෙලාද? ඔයා මට මොකද්ද මේ කලේ?" කිව්ව ජන්ග්කුක් හිනා වුනා. ඊටපස්සෙ එයා ටේහ්‍යුන්ගේ තොල් දිහා බලලා ඒවත් අත ගාන්න ගත්තා.

"මේ තොල්, මේ තොල් වලින් නේද එදා මාව කිස් කලේ හ්ම්ම්? මට හිතන්නවත් වෙලාවක් නොදී මාව කිස් කලා නපුරා." ජන්ග්කුක් හුරතල් විදිහට තොල් උල් කරමින් නිදිබර හඬින් කිව්වා.

"ඒත් මං ඒකට කැමති." ආයිත් මිමිනුව ජන්ග්කුක් හිනා වුනා. හුස්මක් හෙළපු එයා ටේහ්‍යුන්ගේ පපුවට තවත් තුරුල් උනේ ඒ සනීපෙ විඳින්න.

"මේ හීනෙන් මං ඇහැරෙන්න නම් එපා." ටේහ්‍යුන්ගෙ පපුව අස්සෙ මිමිනුව ජන්ග්කුක්ගේ ඇස් පියවිලා ගැඹුරු නින්දකට අවතීර්ණ වුනා.

එයා දන්නෙ නෑ ඒ සේරම ටේහ්‍යුන් හොඳ අවදියෙන් ඇස් දෙක පියාගෙන අහන් හිටියා කියලා. ජන්ග්කුක්ව තවත් තුරුල් කරගත්ත එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා.

වෙලාව හවස පහයි. පැය ගනනක් තිස්සේ ගැඹුරු නින්දක හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නගෙන් මුලින්ම අවදි වුනේ ටේහ්‍යුන්. තාමත් එයාගෙ උනුහුමේ ඉන්න ජන්ග්කුක්ව දැකලා එයා හිනා වුනා. ජන්ග්කුක්ගේ පිරුනු කම්මුල් නොඅල්ලා ඉන්න බැරි වුනු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ පිම්බුනු කම්මුල් පිරිමැද්දා.

නින්දෙන් ඇහැරෙමින් හිටපු ජන්ග්කුක්ද ටේහ්‍යුන්ගේ ස්පර්ශයට නතු වෙලා එයාගෙ අතට නැඹුරු වුනා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now