~ පුංචි අෂේන් දුවගෙන දුවගෙන ගිහින් වැඩට යන්න ලෑස්ති වෙවී හිටපු අමන්දාගෙ පිටිපස්සෙ හැංගුනා. ~
" අෂේන් ? මොකද මේ ? "
- අෂේන් -
" අනේ මට දත් මදින්න බෑ. "
~ අමන්දා ඇද උඩින් වාඩි වෙලා අෂේන්ව ලගට අරන් ,
" එහෙම හරියන් නෑනෙ පුතේ, ඔයා දත් මැද්දෙ නැත්තම් ඔයාගෙ දත් පනුවෝ කයි. ඒ නිසා මගෙ හොද පුතා වගේ ගිහින් දත් මැදගන්න. "
~ අෂෙන් හරිම දුකින් කටත් බෙරි කරන් අමන්දා දිහා බලන් හිටියා. ~
" ඔයා මට ආදරෙයිනේ.
ආහ්..ආදරෙයිද ? "
~ අෂේන් ඔළුව වැනුවේ ඔව් කියන්න වගේ ~
" ආහ්.. එහෙනම් දත් මදින්නම ඕනෙ,
එන්නකො මාත් එක්ක. "
~ එතකොටම දසුන් කාමරේට ආවා අෂේන්ගෙ toothbrush එකත් අරන් ~
" ඔය හුරතල් උනා මදෑ , එන්න දත් මදින්න. "
- අමන්දා -
" කෝ දෙන්න , මන් මද්දන්නම් "
- දසුන් -
" නෑ නෑ ඔයා ලෑස්ති වෙන්නකො hospital යන්න. දැනටමත් ඔයාට පරක්කුයි. මන් මෙයාව හෝදලා ගන්නම් "
~ දසුන් බලෙන්ම අෂේන්ව එක්කන් ගියා. අෂේන් අමන්දාගෙ අත අතෑරියෙම නැති පාර , දසුන් අතෑරවලා එක්කන් ගියා ~
~ අඩ අඩ දසුන් එක්ක යන පොඩි එකා දිහා බලන් ඉදලා , එයාගෙ හුරතලේ ගැන හිතලා ලාවට හිනා වෙලා , අමන්දා ආයෙමත් ලෑස්ති වෙන්න ගත්තා ~
~ අමන්දා ලෑස්ති වෙලා කෑම කාමරේට එනකොට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා කෑම මේසෙට වෙලා කෑම එක අත ගගා ඉන්න අෂේන්ව දැකලා , එයාගෙ hand bag එක මේසෙ උඩින් තියන ගමන් අෂේන්ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා,
" ඒපාර මොකද ? "
" මන් කඩල කන්න ආස නෑ. "
~ එහෙම කියන ගමන් අෂේන් පිගාන ඉස්සරට තල්ලු කලා . ~
" මේ මොන විකාරයක්ද ? ගුටි කන්න ඕන වෙලාද මගෙන් , උදේ නැගිට්ට වෙලේ ඉදලා වද දෙන එකේ ඉවරයක් නෑ...
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...