Chapter 8

102 10 3
                                    

- නර්මදා -

" තව කොච්චර කල් වෙනකන් ඕක හංගං ඉන්නද හදන්නෙ අපෙන් , අහ්.. "

- අමන්දා -

" අක්කා මොනා ගැනද කියවන්නෙ ? "

| මෙයා දැනගෙනවත්ද මන් ජේසන්ව බලාගන්න යන්නෙ කියලා |

~ අමන්දා බයෙන් හිටියෙ අක්කා ජේසන් ගැන දැනගත්තොත් එයාව ආයෙමත් ජේසන්ගෙන් වෙන් කරන්න හදයි කියලා ~

- නර්මදා -

" තමුසෙට කොල්ලෙක් ඉන්නවා නේද ? එයා නේද මේ ඇදුම් අරන් දුන්නෙ ? "

- අමන්දා -

" මට ඇති කොල්ලෙක් නෑ අනේ... මේ ඇදුම් මම බලාගන්න කෙනාගෙ යටතෙ තියෙන mall එකෙන් මට අරන් දුන්නෙ මේ දවස් ටිකට අදින්න කියලා .  "

- නර්මදා -

" එතකොට මට ආරංචි වෙච්ච එක බොරුවක්ද ? "

- අමන්දා -

" මොකෙක්හරි ඔයාට මන් ගැන බොරුවක් කියලා "

- නර්මදා -

" එක තමා නේද ? එහෙනම් කමක් නෑ , එහෙම එකක් තියෙනවනම් කියහන් ඈ දැන්ම , අර මනුස්සයාව අතරමං කරන් නැතුව "

- අමන්දා -

" මන් ඒ මනුස්සයට මගෙ පස්සෙන් එන්න කියලත් නෑ , මට තව කා එක්කවත් යාළු වෙන්න ඕනෙත් නෑ.

මට හිටියෙ එක්කෙනයි , ඉස්සරහට ඉන්නවනම් ඒත් එයා විතරමයි . එයත් නැත්තම් මට තනියම ඉන්න දෙන්න. එච්චරයි. "

~ නර්මදාට ඒකට තරහා ගියා. ~

" උඹ ඔය හීන ලෝකෙන් කවදද එලියට එන්නෙ ආහ්.. නිකන් මෝඩයෙක් වෙන්න එපා ඕයි. කොහෙද ඉන්නෙ කින්ද මන්ද කිසිම දෙයක් දන් නැති එකෙක් වෙනුවෙන් කවදා වෙනකන් බලන් ඉන්නද ? ඌ එනවනම් මෙලහකටත් ඇවිල්ලා. එහෙම ආවත් අම්මා කියටවත් උඹව ඒ කොල්ලට දෙන්නෑ . ඒ නිසා ඕක අතෑරලා දාපන් . "

- අමන්දා -

" ඔය හැකර කටත් අරන් යනවද මෙතනින්. අතාරින එක නැති එක මම  බලාගන්නම් . ඇයි වදෙ... මට ඉන්න දෙන්නෙම නෑනෙ   "

- නර්මදා -

" අනේ අම්මපා මේකිට... "

~ අක්කා එහෙම්ම ගස්සගෙන කාමරෙන් යන්න ගියා. අමන්දාත් ආයෙ ඇදෙ හාන්සි වෙලා bedsheet එක ඔළුවට වෙනකන් පොරව ගත්තා ~

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now