Chapter 40

98 9 11
                                    

~ කතා බහෙන් අනතුරුව එක එක්කෙනා එ ඒ අයගේ වැඩ වල නිරත වෙන්න ගත්තා. දසුන් 4n එකත් ඔබ ඔබ එයාගෙ කාමරේට යනකොට කාන්තා පාර්ශවය උයන්න යන්න ලෑස්ති උනා. ජේසන් සුපුරුදු පරිදි උඩට ගියේ එයාගෙ ඉතුරු වැඩ ටික කරගන්නයි. ඒත් ජේසන් ආයිමත් ටිකකින් පහළට එන්නේ අමන්දා එක්ක කතා කරන්න හිතා ගෙන. ඒ එන අතරේ ජේසන්ට ඇහෙනවා දෙව්නක‍ගෙයි අමන්දාගෙයි කතාබහ. ~

- දෙව්නක‍ -

"... ඇන්ඩ්‍රියා කියපු දේවල් හොඳටම ඇති නිකෝල්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න. මට තියෙන එකම ප්‍රශ්නෙ තමයි, ජේසන්ට මේ දේවල් කියන එක. මන් කොහොමද කියන්නේ එ.එයාගෙ අම්මා මැරුණේ නෑ, සල්ලි වලට තියෙන කෑදර කමට නිකෝල් එයාගෙ අම්මව මැරුවා කියලා ..."

~ එ වචන ජේසන්ගෙ හදවත පසාරු කරගෙන ගියේ දරා ගන්න බැරි වේදනාවක් එක්කයි. ජේසන් මෙච්චර කලක් තනිවම හිතින් දුක් වින්දා අම්ම මැරුණේ එයා නිසා කියලා. ඒත් නිකෝල් නිසා එයාට ලැබෙන්න තිබ්බ ආදරේ අහිමි උන එක ගැන ජේසන්ට තිබ්බෙ කියලා නිම කර ගන්න බැරි දුකක් වගේම නිකෝල් ගැන තරහක්. නොදැනීම ඇස් වල පිරිලා ඉතිරිලා යන කදුළු පිහිදාපු ජේසන් එතනින් යන්න ගියා. ~
.
.
.
.
.
.

~ මානසිකත්වය හොඳ අතට හැරෙන්න පටන් ගත්ත නිසා doctorsලගේ අවසරය ඇතිව ජස්මින්ට ගෙදර එන්න අවසර ලැබුණා. ~

~ ජස්මින් ඇඳුම් ඔක්කොම ලෑස්ති කරන් ඇදේ වාඩි වෙලා බලන් හිටියේ ගෙදර යන්නෙ කොයි වෙලේද කියලා බලාගෙන. එතකොටම ඒඩ්‍රියන් ඇතුලට ඇවිත්,

" අද කෙල්ලට ගෙදර යන්න පුලුවන්ලු නේද?"

~ ජස්මින් බිම බලාගෙනම,

" හ්ම්..."

- ඒඩ්‍රියන් ඇවිත් ජස්මින් ළඟ වාඩි වෙලා විහිලුවට වගේ,

" මේ දවස් ටිකේ සැපට නිදා ගත්තා. අද ඉඳන් එකත් නෑ. "

~ ජස්මින්ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒඩ්‍රියන් හිනා වෙලා,

" මන් විහිලුවක් අනේ කරේ.. මන් ඔයා නැතුව පාළුවෙන් හිටියේ. "

~ ඒකට ජස්මින් ලාවට හිනා උනේ ඒඩ්‍රියන්ගෙ හිත රිද්දන්න බැරි නිසා. ~

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now