~ ජේසන් යනකොටම අමන්දා ජේසන්ගෙ පස්සෙන් ගියේ ජේසන් කිය කිය කෑ ගගහා. ඒත් එහෙම දුවන එක නිශ්ඵලයි කියලා තේරුණ අමන්දා එහෙම්මම බිම වාඩි වෙලා එක දිගට අඬන්න ගත්තා.~
~ ජේසන් හිමිට ඔහේ drive කරගෙන ගියා. අමන්දාගෙන් දුරස් වෙන හැම මොහාතකම ජේසන්ගෙ පපුව පුරා තියුණු වේදනාවක් පැතිරෙන්න ගත්තා.
අමන්දා හරි.
ජේසන් තනි උන කෙනෙක් කියන එක ඇත්තක් උනාට අමන්දා එයාට ආදරේ නෑ කියන එක තමන් එ වෙලාවෙ ආපු තරහවයි, දුකයි නිසා තමන්ටම කර ගත්ත බොරු චෝදනාවක් කියලා ජේසන්ට වැටහෙන්න වැඩි වෙලා ගියේ නෑ ~
| මන් ඇත්තටම මොකද්ද එ කාලේ?
මන් කලේ අමන්දාව අතැරපු එකද?
~ ඒ වචන ජේසන්ගෙ පපුව පැලෙන්න තරම් වේදනාවක් ගෙනාවා. ~
මන් කොහොමද එයා නැතුව ඉන්නේ එයා මගේ ජීවිතේම වෙලා තියෙනකොට.
~ පපුවෙ වේදනාව නිසාම ජේසන් එක අතකින් පපුව අල්ලගෙන හිමිට steering wheel එකට ඔලුව තියා ගත්තා. ~
එයා මට ආදරේ නැත්තම් මන් එනකන් මෙච්චර කල් බලන් ඉදිද?
මම නරක කොල්ලෙක් කියල දැන දැනත් මාත් එක්ක එදා ඉඳන් ඉදිවී ද?
ඇයි ඔයා අමන්දාව එතන දාලා ආවේ?
~ ජේසන්ගෙ හිත එයාටම දොස් නැගුවා. ~
එයා.
එයා...
තාමත් එතන නම්....
ජේසන් උඹ මොකද්ද මේ කලේ ?! |
~ ජේසන් වාහනේ start කරන් යන්න හැදුවත් පාර one way නිසා හරවන්න තව ගොඩක් දුර යන්න ඕනේ. ජේසන් ආයිමත් වාහනේ නවත්තලා බැහැලා police station එක පැත්තට දුවන්න ගත්තා. ~
~ ජේසන් මඟ තියාම දැක්කේ මහා රෑ තාමත් කාත් කවුරුවත් නැති පාරේ, බිම වාඩි වෙලා ඉන්න අමන්දාව. අමන්දාව දැකල එහෙම්ම ගල් ගැහුන ජේසන්ට දැනුනේ එයාගෙ පපුවට පිහියකින් නොනවත්වා අනිනවා වගේ හැගීමක්. ඒ හැගීම ජේසන්ගෙ මුළු ඇගම පණ නැති කරන්න හේතුවක් උනා. එයාට එයා ගැනම කලකිරීමක් ඇති උනා. එයා හිතින්,
| මම මොකද්ද මේ කලේ?!! |
~ ජේසන් දුවලා ගිහින් දණ ගහලා අමන්දාව බදා ගත්තා. අමන්දා සැනින් ජේසන්ව බදා ගෙන හොඳටම අඩන්න ගත්තා. ජේසනුත‍් අඩන ගමන් අමන්දාව තවත් තද කරලා බදා ගත්තා. අමන්දා අඬලා අඬලා හයියෙන් හුස්ම ගන්න ගමන්,
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...