Chapter 17

87 11 5
                                    

~ ජේසන් ආයිමත් එයාගෙ office room එකට ඇවිල්ලා කල්පනා කරන්න ගත්තා. ~

| මොකද්ද මට මේ උනේ? මට කවදාවත් ඕන උනේ නෑ මේ විදියට ජීවත් වෙන්න.

......

ඒත් ඇත්තටම හිතලා බැලුවොත් මට මෙහෙම ජීවත් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඒත් මන් ආස ජීවිතේ ...

නෑ ජේසන් ඔයා තාත්තා කියන විදියට හිටියා නම් අද මේ දේවල් මෙහෙම නොවෙන්න තිබ්බ.

එහෙනම් මට අමන්දා ව ලැබෙයිද?

.....

මන් ආත්මාර්ථකාමී උනාද?

මමත් තාත්තා වගේ තමන් ගැන විතරද හිතුවේ?

~ ජේසන් එයාගෙ නළල පිරිමදින ගමන්,

මන් මොකද කරන්නේ?

අමන්දාවයි මාවයි මරන්න හදපු මිනිස්සු කවුද?

මේ හැමදේම හරිගස්සන්න ඕනේ මට |

~ ජේසන් හිටියේ ප්‍රශ්න ගොඩක, එයා එයා එක්කම වාද කලා. ඒ අතරේ අමන්දා ජේසන්ගෙ office එකට ආවා. අමන්දා දැනගත්තා ජේසන් ඉන්නේ මොකක්හරි ප්‍රශ්නෙක‍ කියලා. ඒත් අමන්දාට එක සැරේ මොකද්ද කරන්නේ? කොහොමද ජේසන්ගෙ හිත හදන්නේ කියලා හිතා ගන්න බැරි උනේ අමන්දාට අනුව එයාගෙ ඉස්සරහ ඉන්න ජේසන් එයාගෙ boss මිසක් එයාගෙ ජේසන් නෙමේ නිසා. අමන්දා ඕන දෙයක් වෙන්න කියලා ජේසන්ව කල්පනාවෙන් මුදව ගන්න කියලා හිතන් එකපාරටම ටිකක් හයියෙන් ,

" රිකී...! "

~ ජේසන් එක පාර ගැස්සිලා අමන්දා දිහා බැලුවා. ජේසන් ලොකු හුස්මක් ගන්න ගමන් එයාගෙ seat එකට හේත්තු වෙලා අමන්දා දිහා ඇහිබැම කුත් උස්සන් අමන්දා කියන්න යන දේ අහන්න හිතන් එයා දිහාම බලන් හිටියා. අමන්දාගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. අමන්දාට හිතා ගන්න බැරි උනා මොනා කියන්නද කියලා. ජේසන් බලන් හිටපු විදියට අමන්දාට දන්න සිංහලත‍් අමතක උනා. ඒ බැල්ම හැමදාමත‍් වගේ අමන්දාගෙ බඩේ ඉන්න සමනල්ලු උඩරට, පහතරට, සබරගමු, hip hop, Latin වගේ හැම නැටුමක්ම කලවමේ නටන්න හේතුවක් උනා. ~

- අමන්දා -

" අම්.. අ "

~ අමන්දා හතර වටේ ඇස් කර කව කව කල්පනා කලෙ මොකද්ද අහන්නේ කියලා, ජේසන්ට අමන්දාගෙ මුණ දැකලා හිනා යන්න ආවත් බොහොම අමාරුවෙන් නතර කරන්,

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now