Chapter 3

123 12 5
                                    

" නවතන්න car එක "

~ දසුන් කලබල වෙලා ,

" අනේ අමන්දා මන් වැරදියට හිතලා කිව්වෙ නෑ , අනේ...

~ අමන්දා එයාට තව මොනවත් කියන්න කලින් කෑගහලා ,

" නවත්තන්නයි කිව්වෙ car එක.. !! "

~ දසුන් ඒ කිව්ව සැනින් car එක අයිනකට කරලා නැවැත්තුවා. අමන්දා බහින්න හදද්දිම දසුන් අතෙන් අල්ලලා අමන්දව නවත්තගත්තා . අමන්දා ඇස් දෙකත් ලොකු කරන් තරහෙන් දසුන් අල්ලන් ඉන්න එයාගෙ අත දිහා බලලා ,දසුන්ගෙ මූන දිහා බලලා ,

" තමුන්ට කොහෙන් ආපු අයිතියක්ද මාව අල්ලන්න , අනික තමුන් කවුරු කියලා හිතාගෙනද මගෙ ලිප්ස්ටික් එක ගැන කියන්නෙ ? ආහ්.. ? "

- දසුන් -

" අමන්දා මන් කියන දේ අහන්න.
හරි
මට සමාවෙන්න. ඇත්තටම මට සමා වෙන්න "

~ අමන්දා අඩන්න ගත්තා ,

" අනේ මාව අතෑරල යන්න දසුන් , මන් ඔයාගෙන් වැදලා ඉල්ලන්නෙ , මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. අනේ මට තවත් ජීවිතෙ එපා කරවන් නැතුව මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න. Plzzz "

~ දසුන්ගෙන් උත්තරයක් අහන් නැතුවම අමන්දා car ඒකෙන් බැහැලා යන්න ගියෙ කදුලු පිහි දදා . දසුන්ට උන දේ හිතා ගන්න බැරුව එහෙම්ම අමන්ද යන දිහා බලන් හිටියා. ~

~ අමන්දා දුවන් යන අතරතුර අඩ අඩ,

| එයා කොහොමද එහෙම මට කියන්නෙ , ජේසන් කිව්වෙ මට ලිප්ස්ටික් අඩු තරමට මන් ලස්සනයි කියලා, අනික ජේසන් කැමති නෑ මන් වෙන කොල්ලො එක්ක ඉන්නවට .එහෙම එකේ මන් කොහොමද දසුන් එක්ක ඉන්නෙ . අනේ.... !!! කෝ ඔයා , මට පාළුයි.  මට ඔයා නැතුව පාළුයි ජේසන් . මට හැම මොහොතකම ඔයාව මතක් වෙනවා. ඔයාගෙ මතකයන් නැති කරන්න හිතාගෙන අක්කලා මගේ ජීවිතෙන් ඔයාව මතක් වෙන හැමදේම අයින් කලත්, තාමත් කිසිම අඩුවක් නැතුව මට ඔයාව මතක් වෙනවා. කොහෙද් ඔයා ? අනේ එන්නකෝ... මට ඔයාව බදා ගන්න ඕන, මගෙ ලගම තියා ගන්න ඕනෙ . ඔයාගෙ උණුහුම නැතුව මට පාළුයි.  මට තවත් නම් ඉවසන් ඉන්න බෑ .. ඇත්තමයි. |

~ අමන්දාට ජේසන් එකපාරට එයාගෙ ජීවිතෙන් අතුරුදහන් වුන එක හිතනවටත් වඩා බලපෑවා. ඒක අමන්දාට ලොකු පීඩනයක් උනා. ඒ නිසාමයි හැම තිස්සෙම ඒ ගැන කල්ප්නා කර කර වැඩිහරියක් තනියම කාලෙ ගත කරේ. Hospital එකේදිත් එයාගෙ යාළුවො එයාට කතා කලොත් ඇරෙන්න කවදාවත් එයා කාවවත් හොයන් ගියේ නෑ, වැඩ නැති වෙලාවට අමන්දා ගොඩක් වෙලාවට හිටියෙ hospital garden එකේ තියෙන නුග ගහ යට බංකුවට වෙලා කල්පනා කර කර.~

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now