Chapter 13

91 10 8
                                    

~ අමන්දා car එක club එක ඉස්සරහින් නවත්තලා ඇතුලට යන්න හදනකොටම bodyguard කෙනෙක් එයාව නවත්තලා Club ID එක හරි NIC එක හරි තිය නම් ඉල්ලුවා. අමන්දා NIC එක පෙන්නලා ඇතුලට ගියා. අමන්දා සද්දෙ ඉවස ගන්න බැරුව අැසුත‍් පොඩි කරන් කන් වහා ගත්තා. පස්සේ මිනිස්සු අතරට ගිහිල්ලා බැලුවත් එයාට ජේසන්ව හොයාගන්න බැරි උනා. ජේසන් වගේ කිහිප දෙනෙක්ව හරව හරව බැලුවත් ඒ ජේසන් නෙමේ නිසා සමාව අරන් එතනින් ගියා. සමහර අය එයාව ළඟට ගන්න හැදුවත් අමන්දා ඒ අයගේ අත ගසලා දාලා දිගටම ජේසන්ව හොයන්න ගත්තා .~

~ ඒ අතරේ එක ගෑනියෙක් ජේසන් ළඟට ඇවිත්, ජේසන්ගෙ මුණ අත ගාන ගමන්, ඇග උඩට නැගලා කකුල් දෙක දෙපැත්තට දාලා ජේසන්ගෙ බෙල්ල Kiss කරන්න පටන් ගත්තා. වෙරිමත නිසා ඇග පන නැතිව වගේ හිටපු ජේසන් හිමිට ඔළුව උස්සනකොට දැක්කා එයාට ටිකක් දුරින් අමන්දා හිටන් ඉන්නවා. ජේසන්ට තේරුනේ අමන්දා කාවහරි හොයනවා වගේ කියලයි. හැමදේම හීනයක් වගේ තිබ්බ ජේසන් හරි සිහියට ආවේ එයාගෙ ඇග උඩ හිටපු ගෑණි එයාගෙ තොල් ඉඹින්න යද්දි. ජේසන් සැනින් ඒ ගෑණිව තල්ලු කරලා දානවාත‍් එක්කම ඒකි බිම වැටෙනවා. ගෑණි බිම ඉඳගෙන වැලිමිට අත ගාන ගමන්,

" තමුසෙට පිස්සුද? "

~ ජේසන් ඒ ගෑනිව ගනන් නොගෙන ආයිමත් අමන්දා හිටපු දිහා බැලුවේ ඇත්තටම අමන්දා club එකට ඇවිල්ල ද කියලා බලන්න. ~

~ අමන්දා තවමත් එතැන ඉඳන් ඔළුව හරව හරව ජේසන්ව හොයනවා. ජේසන් ඒ ලඟ පාත‍ නැති බව තේරුණ අමන්දා එතනින් ගියා. ~

~ එතකොටම ජේසන් නැගිටලා අමන්දා ඉන්න පැත්තට දුවගෙන ගියා. ජේසන්ට කෙලින් හිට ගන්න තියා, ඇවිද ගන්නවත් බෑ. දෙපැත්තට වැනි වැනි, මිනිස්සුන්ගේ ඇඟේ හැප්පි හැප්පි ජේසන් අමන්දාගෙ ලඟට ඇදිලා ගියා. ~

~ අමන්දා club එකෙන් එලියට යන්න කලින් තව එක සැරයක් ජේසන් ඉන්නවද කියලා බලන්න කියලා හිතන් අනිත් පැත්ත හැරෙන්න යන්න හදද්දිම එයට දැනුනා ලොකු අත් දෙකක් පිටිපස්සෙන් ඇවිත් එයාගෙ ඉණ වැළැඳගන්නවා. එකපාරටම අමන්දා ගැස්සීලා එයාව බදා ගෙන ඉන්න අත් අතාරින්න හැදුවත් එසැනින් සන්සුන් වෙලා ඒ අත් තදින් අල්ලගත්තා. අමන්දාට දැනුනා alcohol වල සුවඳ එක්ක මිශ්‍ර වෙච්ච එයා ආසම, කාටත් වඩා අදුරන ඒ සුවඳ. අමන්දාට ඒ වෙලාවේ සැනසීමක් දැනුනා ජේසන්ව හොයාගන්න පුළුවන් වෙච්ච එකට. එතකොටම ජේසන් අමන්දාව එයාට තද කර ගන්න ගමන් ඔලුව තිබ්බ අමන්දාගෙ උරහිස උඩින්. ටික වෙලාවක් එහෙම්ම හිටපු ජේසන් අමන්දාගෙ උරහිස එක සැරයක් ඉඹලා අමන්දාව එයාගෙ පැත්තට හරව ගත්තා. ටිකක් වෙලා අමන්දාගෙ දිලිසෙන අැස් දිහා බලාගෙන සිනිදු කම්මුල් අතගාපු ජේසන්ගෙ මහපට ඇඟිල්ල ඊළඟට ගියේ අමන්දාගෙ තොල් වලට. වෙන්න යන දේ දැනන් හිටියත් අමන්දාට එක මිලිමීටරයක්වත් හෙලවෙන්න බැරි උනේ ජේසන්ගෙන් ලැබෙන උණුහුමට අමන්දා ඇබ්බැහි උන නිසා. කිහිප වරක්ම අමන්දාගෙ තොල් අත ගාපු ජේසන් හෙමි හිමිට ලං වෙලා එයාගෙ තොල් අමන්දාගෙ තොල් උඩ මුද්‍රණය කලා. මුලදී අමන්දා ප්‍රතිචාරයක් නොදක්වූවත් අමන්දාට තව දුරටත් ඒක අමාරු උනේ ජේසන් හොඳ හාදු දෙන්නෙක් නිසා. අමන්දා අැස් වහන් ජේසන්ගෙ නොනවතින හාදු වලට ප්‍රතිචාර දෙන්න පටන් ගත්තා. අමන්දා ජේසන්ගෙ බෙල්ල වටේ අත‍් ගෙනියලා ජේසන්ගෙ ඔලුව පිටිපස්සෙන් අල්ලගෙන තව තවත් කිස් කරන්න ගත්තා. ටික වෙලාවකට පස්සෙ අකැමැත‍්තෙන් උනත් දෙන්නට වෙන් වෙන්න උනේ හුස්ම ගන්න ඕන උන නිසා. වැඩි වෙලා නොගිහින් ජේසන් ආයිමත් අමන්දාව කිස් කරන්න යද්දි. අමන්දා එයාගෙ අතෙන් ජේසන්ගෙ කට වහලා,

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now