Chapter 39

85 10 39
                                    

~ දෙව්නක‍ එක රැයක් office එකේ හිටපු නිසා විවේක ගන්න හිතාගෙන ගෙදර යන්න හැදුවත් යන අතර මගදී ඇන්ඩ්‍රියා නවත්තලා හිටපු hospital එකෙන් දෙව්නක‍ට call එකක් එනවා. Call එක answer කරපු දෙව්නක‍ ආයිමත් car එක හරවගෙන hospital එකට යනවා. ~

~ දෙව්නක‍ ඇන්ඩ්‍රියා ඉන්න room එකට යනකොට ඇන්ඩ්‍රියා nurse කෙනෙක් එක්ක කතා කර කර හිටියේ. දෙව්නක‍ ඇන්ඩ්‍රියා වාඩි වෙලා හිටපු ඇඳ ළඟට ගිහින්,

" මෙයාට කොහොමද Nurse දැන්. "

~ nurse සුහදව හිනා වෙලා,

" කොහොමත් කියන්න තරම් ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ මෙයාට. ඒ නිසා හෙට ගෙදර එක්කන් යන්න පුළුවන් වෙයි "

- දෙව්නක‍ -

" okay nurse. Thank you. "

~ nurse හිනා වෙලා room එකෙන් එලියට යන දිහා බලන් හිටපු දෙව්නක‍ ඇන්ඩ්‍රියා දිහා බලලා,

" කොහොමද දැන් ඔයාට? "

- ඇන්ඩ්‍රියා -

" nurse කිව්ව වගේ කියන්න තරම් ප්‍රශ්නයක් නෑ. ඒත් ඇග රිදෙනවා ටිකක්. " 

- දෙව්නක‍ -

" හරි එහෙනම් ඔයා rest කරන්නකො. අපි පස්සෙ කතා කරමු. "

- ඇන්ඩ්‍රියා -

" නෑ නෑ.. කමක් නෑ. මන් දන්නවා කොහොමත් ඔයාට මගෙන් දැන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා.

ඔයා ඕනම දෙයක් අහන්න. මම ඒවට උත්තර දෙන්නම්. "

- දෙව්නක‍ -

" හරි එහෙනම් මට ඉස්සෙල්ලම කියන්න ඔයා මොකද්ද ඉස්සරහට කරන්න ඉන්නේ කියලා. Ticket කපලා ගියාට පස්සේ ඔයාට ඉන්න තැනක්වත් තියෙනවද? "

- ඇන්ඩ්‍රියා -

" මන් ටික දවසක් යනකන් ජේසන්ලගේ මහ ගෙදර ඉන්නවා. මම හිතන්නේ නෑ ජේසන් ඒකට අකමැත්තක් දක්වයි කියලා. මට හදිසියකට කියලා ඉතුරු කරගත්ත සල්ලි වගයක් තියෙනවා බැංකුවේ. ඒ ටිකෙන් මොකක් හරි කරගන්නවා. ඔය ඔක්කොටම කලින් මට ජේසන්ව මගෙන් නිදහස් කරන්න ඕනේ. "

- දෙව්නක‍ -

" මට ජේසන් call කරා ඊයේ ඔයා ගැන අහලා.
මේ දවස් වල එයා අපේ ගෙදර ඉන්නේ. නිකෝල්ව  අල්ලගත්ත නිසා සෑම් නිකන් ඉන්න එකක් නෑ කියලා හිතුන නිසා මන් කිව්වා ඒ දෙන්නට ටික දවසක් යනකන් ගෙදරින් එලියටවත් බහින්න එපා කියලා. ජේසන් එයාගෙ ගෙදර තනියෙන් ඉන්න එක ආරක්ෂිත නැති නිසා නංගී අපේ ගෙදර නවත්තගෙන එයාව. මමත් ඊයේ ගෙදර ගියේ නෑ. ඊයේ ඉඳලා සෑම්ව හොයන්නේ. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. ඊයේ ගෙදර ගියේ නැති නිසා office එකේ අය මාව බලෙන්ම එව්වා ගෙදර එව්වා, විස්තරයක් ලැබුණොත් කියන්නම් කියලා "

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now