~ අමන්දා ජේසන්ටයි දෙව්නකටයි බීම හද හද හිටියේ. එවෙලේම සොෆි අම්මා බිලී එක්ක ගෙදරට බඩු අරන් ආවා. බඩු ටික කුස්සියේ මේසේන් තියලා බිලී ගියා. සොෆි අම්මා අමන්දා ලඟට ගිහින්,
" මොනවද හදන්නේ පුතේ? "
- අමන්දා -
" බීම.
මගේ අයියා ආවා ජේසන්ව හම්බෙන්න."- අම්මා -
" අයියා? ඔයාට අයියෙක් ඉන්නවා කියලා මන් දැනන් හිටියේ නැනේ "
- අමන්දා -
" නෑ අම්මා එයා මගේ අක්කා marry කරපු කෙනා."
- අම්මා -
" ආහ්...
එයා මොකද මෙහේ කරන්නේ? "
- අමන්දා -
" මමත් හරියටම දන් නෑ. ඒත් එක දෙයක් නම් දැනගත්තා. "
- අම්මා -
" එ මොකක්ද? "
~ අමන්දා දුකින් වගේ,
" ජේසන්ට මතකෙ ඇවිල්ලා. "
- අම්මා -
" ඈ පුතේ, ඔයා ඒක දැනන් හිටියේ නැද්ද? "
~ අමන්දා පුදුමයෙන් වගේ,
" අම්මා දැනන් හිටියද? "
- අම්මා -
" ජේසන් මට එදාම කිව්වා. ඇයි එයා ඔයාට කිව්වේ නැද්ද? මන් හිතුවා ඔයාට කියන්න ඇති කියලා. "
- අමන්දා -
" නෑ එයා මට කිව්වේ නෑ. "
- අම්මා -
" එයාට මොකක් හරි හේතුවක් ඇති. ඔයා පස්සේ වෙලාවක හිමිට එයාගෙන් අහන්නකො. "
- අමන්දා -
" අම්මේ මන් මේ බීම දෙක දීලා එන්නම්. "
- අම්මා -
" හරි පුතේ "
~ අමන්දා අයියාටයි ජේසන්ටයි බීම දීලා ආයේ කුස්සියට ඇවිත් ට්‍රේ එක මේසේ උඩ තියන ගමන් පුටුවක් ඇදන් වාඩි වෙලා ඔලුව ගහ ගත්තා මේසේට. අම්මා දැනගත්තා මොකක්හරි අවුලක් තමා කියලා. අම්මා ගෙනාපු එළවළු ටික fridge එකට දාන ගමන් ලාවට හිනා වෙලා,
" දැන් මොකද්ද ඔය ළමයට තියෙන ප්‍රශ්නේ?
එයා ඔයාට කියපු නැති එකද?"
YOU ARE READING
🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ] _Amanda 2_
Romance' නපුර තාවකාලික ආධිපත්‍යය ගෙන ඇයගේ ආදරයට තිත තිබු නමුදු දෛවයට පමණය හැකි එය තිතක් ද, කොමාවක් ද යන්න තහවුරු කරන්න.' ඔයාට මගේ කතා පොත් වලින් ඉස්සෙල්ලම මේ පොතනම් හම්බවුනේ,මේ මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස. ඔයා ඉස්සෙල්ලම මගෙ පළවෙනි පොත කියවන්න ඒ කියන්නෙ "...