Chapter 26

82 13 8
                                    

~ අමන්දා ඇග හෝද ගෙන ඇවිත් mirror එක ඉස්සරහ හිට ගත්තෙ කොන්ඩෙ පීර ගන්න හිතාගෙන. පනාව අතට ගත්ත අමන්දා වීදුරුව දිහා බලනකොට එකපාරටම Emergency room එකේ වෙච්ච දේ මතක් වුණා. අමන්දා හිමිට ඇඳන් ඉන්න t-shirt එක එහාට කරලා බැලුවා ජේසන් තියපු සලකුණ දිහා. ඒක දකිනකොට අමන්දාට ලැජ්ජ හිතිලා අත් දෙකෙන් මුණත‍් වහන් තනියම හිනා වෙන්න ගත්තා. එතකොටම දෙව්නක‍ අමන්දාගෙ කාමරේ දොරට තට්ටු කරලා,

" අමන්දා... මන් ඇතුලට එන්නද? "

~ අමන්දා එකපාරට කලබල වෙලා ඇදුමත‍් හදා ගන්න ගමන්,

" ආහ්.. එන්න අයියේ..."

~ දෙව්නක‍ ඇතුලට එනකොටත‍් අමන්දා හිටියේ කණ්නාඩිය ලඟ පනාවත‍් අතේ තියන්. දෙව්නක‍ හිනා වෙලා,

" ඔයා තාම කොන්ඩෙ පීරනවද? "

~ අමන්දා හිනා වෙලා,

" අ.. ඔව් අයියේ... පීරන්න තමා ගියේ."

~ දෙව්නක‍ අමන්දාගෙ ඇදෙන් වාඩි වෙලා,

" කියමු බලන්න මොකටද මට msg එකක් දාලා එන්න කිව්වේ කියලා."

~ අමන්දා කොන්ඩෙ පීරන ගමන්,

" අක්කලා කෝ? "

- දෙව්නක‍ -

" එයයි අම්මායි ගියා ගෙදරට බඩු ගෙන්න මල්ලී එක්ක. "

- අමන්දා -

" අම්මා කිව්වා මට ජේසන්ව හම්බෙන එක නවත්තන්න කියලා."

- දෙව්නක‍ -

" ඉතින් නවත්තන්න. කොහොමත් ඕක වෙන දෙයක් නෙමේනේ "

~ අමන්දා අයියා දිහා බලලා,

" අනේ අයියේ දැන් ඔයත් එයාලගෙ පැත්තේද? "

- දෙව්නක‍ -

" මන් කාගෙවත් පැත්තක නෑ. මන් ඉන්නේ හරි පැත්තේ."

~ අමන්දා අයියා ළඟට ඇවිත් වාඩි වෙලා,

" අනේ අයියේ එහෙම කියන්න එපා please... මට මේ දේවල් කියන්න ඉන්නේ ඔයා විතරයි. ඔයත් එහෙම කතා කරාම මට මොකද වෙන්නේ? "

- දෙව්නක‍ -

" හරි දැන් මට මොකද්ද කරන්න කියන්නේ? "

- අමන්දා -

" අම්මාට කියන්න බැරිද? "

- දෙව්නක‍ -

🌷💞 BOSS 💞🌷 [ When There Is Love , It Finds A Way ]  _Amanda 2_Where stories live. Discover now