17 - (i)

1.3K 284 7
                                    

"අපි කොහොමද මෙහෙට ආවෙ?" ටේහ්‍යුන් ඇහුවේ තවමත් ජන්ග්කුක්ගේ බෙල්ල අස්සෙ මූන තියන්. ඒක ඇහුව ජන්ග්කුක් ඇස් දෙක ලොකු කරගෙන ඇඳේ වාඩි වුනේ ටේහ්‍යුන්ව ඈත් කරලා.

"ම්-මොකද?" ටේහ්‍යුන් ඇහුවේ ව්‍යාකූලව.

"දැන් කියන්නෙපා ඔයාට ඒක මතක නෑ කියල නම්!!" ජන්ග්කුක් හඬ උස් කරලා කිව්වම ටේහ්‍යුනුත් ඇස් දෙක ලොකු කරගෙන ඇඳේ වාඩි වෙලා ජන්ග්කුක් දිහා බැලුවා.

"ඇ-ඇත්තටම මට මතක නෑ. මො-මොකද්ද උනේ?" ටේහ්‍යුන් අපහසුවෙන් කෙළ ගිලිමින් ඇහුවා.

"Oh my god ටේහ්‍යුන්! අපිට teleport power එක තියෙනවා." ජන්ග්කුක් උද්‍යෝගයෙන් කැගැහුවම ටේහ්‍යුන් ඇස් දෙක ලොකු කරගත්තා.

"මො-මොකද්ද?"

"ඔයා මාව මෝල් එකෙන් මෙහෙට ගෙනාවෙ teleport ක්‍රමයෙන්. ඒක වෙන්න කලින් අපි දෙන්නා වටේ රතු පාට ලොකු එළියක් පැතිරුනා." ජන්ග්කුක් අතින් අභිනය කරමින් සතුටින් කෑගහන විදිහ ටේහ්‍යුන් බලාගෙන හිටියේ මූනෙ ඇඳුනු මඳ හිනාවක් සමඟින්. ටේහ්‍යුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා දැක්ක ජන්ග්කුක් නළල රැලි කරගත්තා.

"ඔයාට පුදුම හිතෙන්නෙ නැද්ද?" ජන්ග්කුක් ඇහුවත් ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ හැම චලනයක්ම රසවිඳිමින් හිටියේ වෙනමම ලෝකෙක. ජන්ග්කුක් නළල රැලි කරන විදිහ තොල් උල් කරමින් කතා කරන විදිහ, එයාව පිස්සු වට්ටන ඒ බ්ලොන්ඩ් කොණ්ඩෙ පැද්දෙන විදිහ එයා බලන් හිටියා.

ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ මූන ඉස්සරහා අත වනනකොට එයා පියවි සිහියට ආවා.

"අ-ආ ඔව් teleport power එකද? ඇත්තටම මං ඒක කොහොමද කලේ කියලවත් මට මතක නෑ." ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් ඇස් දෙක රෝල් කරා.

"ඔහ්, ඔයා ඇයි මෝල් එකට ගියේ?"

"ම්ම්ම්.. හෙට ඔයාගෙ කම්පැනියෙ ට්‍රේනින් එකක් පටන් ගන්නවනෙ. ඒකට යන්න ඇඳුමක් ගන්න ගියේ." ජන්ග්කුක් කිව්වා.

"ඔ-ඔහ් එහෙමද?" ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක් හිස වැනුවා.

එතකොටම ටේහ්‍යුන්ට අපු කෝල් එකක් ඒ දෙන්නට බාදා කලා. ටේහ්‍යුන් කෝල් එක ආන්ස්වර් කලා. ටික වෙලාවකින් එයා කෝල් එක කට් කලේ කනස්සල්ලෙන් හුස්මක් හෙළමින්.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now