17 - (ii)

1.3K 277 36
                                    

ඒ දෙන්නා හිටියේ ජන්ග්කුක්ගේ අපාට්මන්ට් එකට පයින් යන ගමන්. එයාගෙ එහා පැත්තෙන් සාමකාමීව ගමන් කරන ටේහ්‍යුන් දිහා ජන්ග්කුක් සැරින් සැරේ බැලුවේ රතු වෙමින්. ටේහ්‍යුනුත් ජන්ග්කුක්ගේ බැල්ම හමුවේ එයා දිහා සැරින් සැරේ බලලා හිනා වුනා. ඒ දෙන්නා හිටියේ ගොඩක් ළං වෙලා. ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ අත අල්ලගෙන ඇවිදින්න තිබුනේ පුදුම ආසාවක්. ඒත් එයා ඒකට අදිමදි කලේ ටේහ්‍යුන්ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා දන්නැති නිසා. ඉතින් එයා හිමින් හිමින් ටේහ්‍යුන්ගේ අත අල්ලන්න උත්සාහ කරන කොට ටේහ්‍යුන්ට ඒක තේරුනා. හිනා වුනු ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ අත තදින් අල්ල ගත්තම ජන්ග්කුක් සතුටින් හිනා වුනා.

ඊටපස්සෙ ටේහ්‍යුන් කරපු දෙයින් ජන්ග්කුක් රතුවුනා. ටේහ්‍යුන් එයාගෙ අත එක්ක පැටලිලා තියෙන ජන්ග්කුක්ගේ අත අරගෙන අතේ පිට පැත්තට හාදුවක් දුන්නා. ටේහ්‍යුන්ගේ මේ වැඩ වලින් ජන්ග්කුක්ට එයා ගැන තිබුනු හැඟීම් තව වැඩිවුනා.

එකිනෙකාගෙ අත් පටලන් ඒ දෙන්නා පාර දිගෙ ඇවිදන් යද්දි ටේහ්‍යුන් මතක් කලේ ආභරණ සාප්පුවේ අයිතිකාරයාගෙ වචන. එයා කවදාවත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගැන හීනෙකින්වත් හිතලා තිබුනෙ නෑ. ආදරය, ආදරවන්තයො කියන වචන එයාට ගැළපෙන වචන නෙමෙයි. ඒත් එයාගෙ ජීවිතේට ජන්ග්කුක්ගේ පැමිණීමත් එක්ක දේවල් වෙනස් වෙන්න යනවා කියලා එයාට තේරුනා.

අපාට්මන්ට් එක ගාවට දෙන්නම ආවට පස්සෙ ටේහ්‍යුන් කිම් මන්දිරයට යන්න ඕන නිසා එයාගෙ ඩ්‍රයිවර්ට එතනට එන්න කියලා කෝල් කරා.

පරිසරය දැනටමත් අඳුරු වෙලා තිබුනා වගේම හඳ පායගෙන එමින් තිබුනා. ටේහ්‍යුන් ජන්ග්කුක්ට රතු පාට මල් කළඹ දික් කලා. ජන්ග්කුක් පුදුමෙන් ඇස් ලොකු කරන් ටේහ්‍යුන් දිහා බැලුවා.

"ම්-මේක මටද?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන් හිස වැනුවා. ජන්ග්කුක් ලැජ්ජාවෙන් රතු වුනේ රතු රෝස සාමාන්‍යෙන් දෙන්නෙ තමන්ගෙ ආදරවන්තයට නිසා. ඒක අරගත්ත ජන්ග්කුක් රතු රෝස වලට නහය ළං කරලා හොඳ හුස්මක් ගත්තා.

"Thank you ටේටේ!" ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් හිනා වුනා. ජන්ග්කුක්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. අද ආදරවන්තයින්ගේ දිනය. එයාගෙ හැඟීම් ටේහ්‍යුන්ට කියන්න හොඳම වෙලාව ඒක කියලා එයා හිතුවා. ඒ හැඟීම තමයි ආදරය. ඔව් එයා හිතුවා ටේහ්‍යුන් ගාවදි එයාට ටේහ්‍යුන් ගැන දැනෙන දේ ආදරය කියලා. එයා තැතීගැනීම නිසා යටි තොල හපාගත්තා. ජන්ග්කුක්ගේ වෙනස තේරුන ටේහ්‍යුන් නළල රැලි කරගත්තා.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now