20

1.4K 278 22
                                    

DAY 09

ටේහ්‍යුන්ගේ සෙකට්‍රිව තෝරන දිනය වගේම ට්‍රේනින් එකේ අවසාන දවසත් හෙට. ඒත් ජන්ග්කුක් නම් දැනටමත් බලාපොරොත්තු සුන් ක‍රගෙන හිටියා. කොච්චර නම් එයා බිස්නස් වලට දක්ශ උනත් ටේහ්‍යුන් එයාට එච්චරටම අකමැති වෙද්දි එයාව සෙකට්‍රි කරගනී කියලා ජන්ග්කුක් හිතුවෙ නෑ.

ජන්ග්කුක් වෙනදා වගේම අදත් මිස් නාරි පවරපු රාජකාරියක් කරමින් හිටියා. එතකොට තමයි ජෙනී එතනට ආවෙ.

"ඔහ් ජන්ග්කුක් මං හිතුවා අපි දෙන්නා අතර සෙකට්‍රි වෙන්න තරඟයක් තියෙයි කියලා. ඒත් පේන විදිහට තමුන් මෙහෙට ආපු පළවෙනි දවසෙම මිස්ටර් කිම්ගෙන් බැනුම් අහලා එවෙලෙම ඒක නැති කරගත්තා." ජෙනී සමච්චලයට කිව්වම ජන්ග්කුක් දුකින් බිම බලා ගත්තා. ජන්ග්කුක් දැනන් හිටියා අනිවාර්යයෙන් ජෙනී තමයි ටේහ්‍යුන්ගේ සෙකට්‍රි වෙන්නෙ කියලා.

"ගුඩ් ලක් ජෙනී. මං දන්නවා ඔයා තමයි හෙට සෙකට්‍රි වෙන්නෙ කියලා." ජන්ග්කුක් මූනට හිනාවක් ගේන්න උත්සාහ කරමින් කිව්වා.

"වෙන්න දෙයක් නෑ දැනටමත් ඒක කන්ෆර්ම්. ඔහ් නෑ ඒක කන්ෆර්ම් උනේ මිස්ටර් කිම්ට සෙකට්‍රි කෙනෙක් ඕන උන දවස් වලමයි." ජෙනී ආඩම්බරෙන් කිව්වම ජන්ග්කුක් ව්‍යාකූල උනා.

"මොනවද ඔයා කියවන්නෙ?" ජන්ග්කුක් කිව්වම ජෙනී එයාගෙ කනට ළං වුනා.

"ඔයාට මතකද මං ඔයාට කිව්වා ඔයාට නැති දෙයක් මට තියෙනවා කියලා?" ජෙනී ඇහුවත් ජන්ග්කුක් මුකුත් කිව්වෙ නෑ. ඒ වෙනුවට එයා ව්‍යාකූලව ජෙනීගේ මූන දිහා බැලුවා.

"ඒ තමයි බලය ජන්ග්කුක්. බිස්නස් පවර් එක." ජෙනී කිව්වා.

"ඔයා දන්නවනේ මගෙ අප්පගෙ කම්පැනිය තමයි vante එකට පස්සෙ තියෙන හොඳම කම්පැනිය. මං මිස්ටර් කිම්ව මැරි කලොත් අපේ බිස්නස් දෙක එකතු වෙනවා. මගෙ අප්පට ඕනෙ මුලින් මාව මිස්ටර් කිම්ට ටික ටික ළං කරන්න. ඒකෙ පළවෙනි නූල තමයි මං එයාගෙ සෙකට්‍රි වෙන එක." කිව්ව ජෙනීගේ මූනෙ නපුරු හිනාවක් ඇදිලා තිබුනා. ජන්ග්කුක් ජෙනී දිහා බලන් හිටියේ එයා කියන දේවල් හිතා ගන්න බැරුව.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now