1 කොටස

163 19 7
                                    

අදුරු වනාන්තරය සිපගෙන ආ ඒ සීතල සුලග විවෘතව තිබූ විශාල ජනේලය තුලින් ඇතුලට පැමිනියේ යහන මත නිදා සිටි පුන්චි සිගිත්තියගේ සුව නින්දට බාධා කිරීමට මෙනි . සීතල නිසා රෝස පැහැයට හැරුනු කම්මුල් සහිතව ඈ යහනෙහි තිබූ රෙදි තුලට තවත් ගුලිවූයෙ උනුසුම සොයාගෙනය .

තම දියනියට කරදරයක් වූ සීතල නැති කිරීමට සිතූ ඇගේ මව සුලග පැමිනි ජනේලය වසා දමා නැවතත් තම දියනිය අසලට ගියා ය . දියනියගේ දකුනු පසින් ඇල වුනු ඈ උනුසුම් රෙදි තුලට ගුලිවී සිටි තම දියනියව තම පපු තුරුලට ගත්තෙ මවු සෙනෙහසින් ඇගේ ඇස් නැවතත් තෙත් වෙනු දැනි දැනීමය.

" ඔබට විශ්වාස ද අප එය සිදු කල යුතු බව ? ඈ තවමත් නොමේරූ දරුවෙක් .මට නොහැකිය් ඇයව පිටමන් කර යැවීමට .ස්වාමීනී තේරුම් ගන්න ! " ඇගේ මව තම ස්වාමියා දෙස බැලුවේ වේදනාව ගැබ්වූ දෙනෙතිනි.

" අපට තව බලාසිටීමට කාලයක් නැහැ සොදුර , අප ඇයව පිටත් කර හැරිය යුතුයි ආරක්ශා සහිත තැනකට .දැන්ම පිටත් නොකලහොත් ප්‍රමාද වැඩි වේවි . " ඔහු තම භාර්‍යාව ට පැහැදිලි කිරීමට උත්සහ කලේ ප්‍රමාද වීමට මත්තෙන් ය .නමුදු තම දරුවා ව පිටමන් කර යැවීමට එරෙහි වූ පිය සෙනෙහස ද ඔහුහෙ හිත ඇතුලෙහි තෙරපුනේ නැතිවමද නොවේ .

" ස්වාමීනී !!!  .ඇය තවමත් ලදරුවෙක් .ඇය තම දෙමාපියන් නොමැතිව හැදී වැඩෙන්නෙ කෙසේද " ඇය නැවතත් හඩා වැලපුනද අකමැත්තෙන් වුවද තම ස්වාමියාට එකග වන්නට තීරනය කලා ය .

" යුද්ධය එන්න එන්නම දරුනු වෙන බව යි පෙනෙන්නේ .දැන් ම නොගියහොත් ඇගේ ජීවිතය අපිට බේරාගැනීමට නොහැකි වේවි ." තම දියනියව නොයවා සිටීමට හිත පැවසුවත් ඔහුගේ දියනියගෙ ජීවිතය විනාශ වනු දැකීම පියෙකුට කල නොහැකි නිසාම ඔහු තවත් ප්‍රමාද නොවී යහනේ වැතිරී සිටි දියනියව තම අත් වලට ගත්තේ ය .

" රාජධානියේ අගවිනිසුරු වන මා , ජන්ග් ජුන් වූ  ඔබට මාගෙ දියණියආරාක්ශා සහිත තැනකට ගෙන යන ලෙස භාර කරනවා "

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdWo Geschichten leben. Entdecke jetzt