💛Park jimin p.o.v ~
අද ඔක්තෝම්බර් 13 වෙනිදා ,
දවස , සතිය ,මාසය ,ගෙවිලා ගියේ හරිම ඉක්මනට , බැන්ග්ටෑන් ෆැමිලි එකේ හැමෝම තම තමන්ගේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා . මේ කොච්චර කාර්යබහුල උනත් තමන්ගෙ පව්ලෙ අයගෙ උපන්දින අමතක උනේ නෑ කාටවත්ම . නම්ජූන්ගෙ වගේම ජන්කුක් ගෙත් උපන්දින දෙකම එකට එකතු කරල අපි හැමෝම රෑ කෑමකට එලියට ගියා . අවුරුද්දක් ඉවර වෙන්න ලන් වෙලා . මෙච්චර කාලයක් ගත උන එකත් පුදුමයක් .
පරිසරයේ තිබ්බ ගස් වැල්වල කොල හැලෙන්න අරගෙන ,සමහර ගස් රතු පාටින් කහ පාටින් පාට වෙල් තියෙන්නෙ සරත් ඍතුව පටන්ගත්තා කියලා මුලු ලෝකෙටම කියනවා වගෙයි . මේ හැමතැනම හරිම් ලස්සනයි .මේ හැම දෙයක්ම මට අලුත් දේවල් . මේ ලස්සන ලෝකය මහෙ ඇස් ඉස්සරහට ගෙනාවට මම නොපෙනෙන අයට සිය දහස් වාරයක් ස්තූති කරලා ඇති . ඒ වගේම මගේ පව්ල මට හොයල දුන්න එකටත් මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා .
මේ මාස ගානට මම ඉගෙනගත්තු , දැනගත්තු , අත්විදපු දේවල් ගොඩයි .හැමදවසක්ම වගේ මට ගොඩාක් විශේශ උනා . අලත් මිනිස්සු , අලුත් යාලුවො මට හම්බවුනා .මෙච්චර කාලයක් හිතන් හිටපු විදිහට වඩා මගෙ ජීවිතේ ලස්සනයි කියලා දැන් මටතේරෙනවා .ඉදලා හිටලා මගෙ ඉපදුනතැන මතක් නොවෙනවාමත් නෙවේ . කොච්චර උනත් මගේ ඉපදුනලෝකය මට මගඇරුනු වාර අනන්තයි . හන් පාලිකාව ත් මෙහෙට එක්කන් ඇවිල්ලා මේ ලස්සන ලස්සන මල් පෙන්නලා එයාව සතුටු කරන්න මට ආසයි .එහෙ කිසිම කෙනෙක් ඉර එලිය දැකලා නෑ .ඒත් ඒ මිනිස්සුන්ටත් මේ ලස්සන දේවල් පෙන්නලා සතුටු කරන්න මටාඅසයි .ඒත් මම දැන් එහෙට අයිති කෙනෙක් නෙවෙයි .මම පිටුවහල් කරපු කෙනෙක් . සමහරවිට යොන්ජුන් දැන් එහෙ රාජ්ය භාරගෙන සතුටින් ඉන්නව ඇති .මගේ නැන්දටත් ගොඩාක් සතුටු ඇති .
සමහරවිට තාම එයාලට මාව මතකද දන්නෙත් නැහැ .මම කියල කෙනෙක් .. , අහ් !ඔව්වා ගැන කතා කරල වැඩක් නෑ .පාක් ජිමින් කිව්වම කවුද ගනන් ගන්නේ .හැමතිස්සෙම නොකරපු දේකට දඩුවම් ලැබුනත් ඒකත් හොදයි . ඒක එහෙම නොවුන නම් අද මම මෙතන නැහැ.
💜: ඒයි, ඒයි . ස්ස්....
💛 : මොකද ?
💜 : මොන ලෝකෙද ඉන්නෙ ? අන්න අරූට ඇහැරපන් .ගුටි කන්න වෙනවා දැක්කොත් මිස් .
YOU ARE READING
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanfictionනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...