18 කොටස

35 11 5
                                    

Jung su-mi P.O.V 🌹 ~

මම කෑම මේසෙන් නැගිටලා ආවෙ මගේ කාමරේට . ආවට පස්සෙයි මට මතක් උනේ මම ඉස්සෙල්ලා බල බල හිටපු පොත තාම පහල නේද කියලා . ඒක නිසා මම ආපහු කැරකිලා යන්න හැදුවේ පහලට .පඩිපෙල බැහැගෙන යද්දිම මට ඇහුනේ ටේ ගෙ කටහඩ .එයා කතා කරපු විදිහෙන්නම් එයාට ගොඩාක් තරහ ගිහින් වගේ .ඒත් ඇයි ? කුතුහලේ නිසාම මම පඩිපෙලේ මගක් ඇවිත් අහන් හිටියේ එයා මොනවද කියන්නෙ කියලා .

💚 : ඒකි දැන් හොදටම වැඩී . ඒ හැසිරුණ විදිහ දැක්කම මට කියන්නෙ නිකන් ඉන්න කියලද ?

💜️ : ටේ පොඩ්ඩක් කෑගහන්නෙ නැතිව ඉන්නකෝ . සමහරවිට එයාට  ජැක්සන් එක්ක  සිද්ද වෙච්ච දේ ගැන තාම හිතට හරි නැතුව ඇති .

💙 : කුකී කියන දේ ඇත්ත .

💚 : හරි .ඒක එහෙම යි කියමුකො .ඒත් ..ජිමින් අච්චර දෙයක් කරලත් ජන්ග් මී කොහොමද ජිමින්ට සැලකුවේ ..නිකන්....

: පොඩ්ඩක් ඉන්න .දැන් මොකක්ද ඔය මහලොකු දේ ? මොකක්ද උනේ ..මමත් දන්නැති ඔය දේ මොකක්ද ?

💜️ : මේකයි හියුන්ග් .ජිමින් නුයි මමයි ටේයි ඊයෙ ජැක්සන්ගෙ ගෙදර ගිහින් අපිට ඇතුලට යාගන්න බැරි උන හින්දා අපි හැරිලා ආවා .

එක පාරටම අපිට මොකක් හරි ලොකු දෙයක් බිඳෙනව ඇහුන .ඉතින් ඒ වෙලාවෙ ජිමින් කිව්වෙ ටේට ගෙදර ගිහින් අනික් අයව එක්ක එන්න කියල .එහෙම කියලා එයයි මමයි ගියා තාප්පෙ පිටිපස්සෙන් වත්තට පනින්න .

මම ගොඩක් බර නිසා එයා මට කිව්ව එයා නගින්නම් කියල .මමත් හා කිව්ව . එයා ඒකට නගින්න හදද්දී ඉස්සෙල්ල මගෙන් ලේන්සුව ඉල්ලුවා .එ...ඒත්..ම..ම..දැනන් හිටියෙ නෑ..
ජිමින්..න්..නැගපු තාප්පෙ උඩ ලොකු බෝතල් කටු හයි කරලා තිබිලා .එයා මගෙන් ලේන්සුව ඉල්ලගෙන තියෙන්නෙ එයාට කෑගැහෙන ඒව නවත්තගන්න වෙන්න ඕනෙ .මට පුන්චියට කෙඳිරිලි වගයක් ඇහුනට මම ඒක ...එ..ඒවෙලාවෙ ගනන් ගත්තෙ නෑ.. මම දැනන් හිටියනම් ..එ..එයාට නගින්න දෙන්නෙ නෑ හියුන්ග් .. එච්චර දෙයක් කරගෙනයි එයා වත්තට පැන්නෙ .

ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || OnholdNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ