සති 2 ක් ? සති 3 ක් ? ඔව් කාලය හරිම ඉක්මනට ගෙවිලා ගියා . හැමෝම ශ්‍රේණි විභාග වලට ලෑස්ති වෙලා ඒකත් ඉවරයක් කරලා දැම්මා . මෙ සති දෙක තුන අතරේ වුන දේවල් වගේම නොවුන දේවලුත් බොහොමයි .එක්සෑම්ස් ආපු නිසා ලමයි හැමෝම වගේ ගොඩක් මහන්සි වෙලා පාඩම් කලා .ඒ අතරේ බැන්ග්ටෑන් ෆැමිලි එකේ පොඩි අයත් හිටියා . පාඩම් අස්සේ ඩාන්සින් ප්‍රැක්ටිස් ටිකත් කෙරුණා .හිත් අමනාපකම් තිබ්බට හැමෝම තමම්ගේ උපරිමෙන්ම උත්සාහ කලේ මේක ලස්සනට කරන්න . විභාග ටිකටත් උපරිමෙන්ම ලියපු කට්ටිය මේ දවස්වල ඩාන්සින් ප්‍රැක්ටිස් එකත් එක්ක බිසී වෙලා .
ජිහූන්ගෙ අම්මා ජීහුන්ට ගැලවීමක් නොදුන්න නිසා ,ජීහුන්ට දිගටම ප්‍රැක්ටිස් එන්න උනා .මේකට ජිමින් නම් එච්චර කැමැත්තකින් නෙවේ හිටියේ . අර ජීහුන් කියන කෙනා ජන්ග් මීවත් අල්ලගෙන නටන හැම වාරයක් පාසාම ජිමින්ට හිතුනේ ගිහිල්ලා ඒ කොල්ලගෙ දත් ටික බඩට යන්න ගහන්න .
එහෙම කියලා ගහන්න ඈ .ජිමින් හැමදේම ඉවසන් හිටියා .ජිමින්ගේ පැත්තෙන් උනත් එයාට සාධාරණයක් උනේ නැහැ .එයාගෙ 18 වෙනි උපන්දිනෙන් පස්සෙ එයාට නිතරම වගේ එක එක හීන පේන්න පටන්ගත්තා .හීන කිව්වට හීනත් නෙවේ මතකයන් කිව්වොත් හරි .එයා චූටි කාලෙ ගෙවපු එයාගෙ මතක එයාට පේන්න ගත්තා . මේක නිසා ජිමින්ට නම් පිස්සු හැදිලා වගේ හිටියේ .හැමතිස්සෙම වගේ එයාගෙ අවදානෙ එකතැනක තියාගන්න එයාට අමාරු උනා .
වෙලාවකට නෝමල් එකේ කතා බහ කරල පිස්සු නැටුවත් ,තව ටික වෙලාවකින් ආපහු කුමාරයා මොනාහරි කල්පනා කරනවා .එයාගෙ ෆෝකස් එක නැති වෙන්න ගොඩක් මේක බලපෑවා .ඒ වගේම මේකෙන් ගොඩක් පාඩු උනේ ඩාන්සින් ප්‍රැක්ටිස් එකේදි . කිව්වත් වගේ මේ හතර පස් දෙනා ඔක්කොම ඩාන්ස් එකට තේරුනා .
ප්‍රැක්ටිස් වලදි ජිමින්ගෙ ෆෝකස් එක එකපාරටම නැතිවෙන නිසා ,ඉයුන් හාට යකා නැගලයි හිටියෙ . කොච්චර යකා නැග්ගත් ඉයුන් හා ජිමින්ගෙ ස්ටෙප්ස් ,මූව්ස් හරිගස්සලා එයාට උදව් කලා . ඒත් ...තාමත් තැනින් තැනදි ජිමින් ට්‍රැක් අවුට් යනවා .මේකනම් හැමෝටම ප්‍රශ්නයක් උනා . ඒක නිසාම හොබී හියුන්ග් ට කියලා පාටි එකට කලින් මේක හදාගන්න හැමෝම තීරනේ කලා .
YOU ARE READING
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanfictionනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...