කොරිඩෝ එකේ හිටපු ලමයි පවා හැමෝම වටවෙලා බලන්හිටියේ පාර මැද්දෙ රන්ඩු වෙන ලමයි දෙන්නා දිහා . මේ අතරේ ජන්ග් මී කොච්චර කෑගැහුවත් නවත්තන්න කියලා ජිමින් නම් නෙවේ නැවැත්තුවේ . ඔක්කොටමත් මුල වුනේ ජැක්සන්ම තමා .
Jackson : උබට හෙනට රිදෙනව නේද කෙල්ලට මොනා හරි කිව්වම .
💛 : * punch *
කටවහපන් පරයා . ලැජ්ජාවක් නැති කාල*න්නි බ*ලා !ජිමින් තවත් පාරක් අතමිටමොලවලා ජැක්සන්ගෙ මූනට ගැහුවේ ජැක්සන්ගෙ ඔලුව පිටිපස්සට නැවෙද්දී ..
Jackson : උබ තමා මේ හැමඑකටම මුල යකෝ !උබ නැත්නම් මේ කරදර කිසි එකක් නෑ ! මම ජන්ග් මී එක්ක කරන්න තියෙන ඔක්කෝම කරනවා .
ජිමින්ට නොදෙවෙනි නොවී ජැක්සනුත් ජිමින්ගෙ මූනට ගැහුවේ ජිමින්ගේ තොල පැලිලා ලේ එද්දී .
" ලමයි !! ලමයි !! ඔය රන්ඩු වෙන එක දෙන්නටම නවත්තන්නයි කිව්වෙ !! "
රන්ඩු වෙන එක දැකලා එතනට ආපු සර්ලා දෙන්නෙක් මේ දෙන්නව ඈත් කරන්න හැදුවත් ඒක ලේසි උනේ නෑ..ඒක නිසා තවත් පිරිමි ලමයි ටිකක් මැද්දට පැනලයි රන්ඩුව නැවැත්තුවේ .
" හරිම අශීලාචාරයි ! මෙහෙමද ඉස්කෝලෙක හැසිරෙන්නෙ ! දෙන්නම ප්‍රින්සිපල් ඔෆිස් එකට යන්නයි කිව්වේ ! බලනවා...මේ ඇදුම් ඉරාගෙන .. දෙයියනේ !! ලේත් පෙරාගෙන !! "
මේ වලිය දැකලා එතනට ආපු වයසක ටීච කෙනෙකුත් ඔලුවට අත ගහගෙන කියවන්න ගත්තේ ජිමිනුයි ජැක්සනුයි ප්‍රින්සිපල් ඔෆිස් එකට යන්න හැරෙද්දී ..
තරහා නිසාම ජිමින්ගේ ඇස් රතු වෙලා , ඒත් මේ නිසා ඇස් වල කඳුලු පුරවන් හිටපු ජන්ග් මීව ජිමින්ට හරියට පෙනුනේ නෑ .
YOU ARE READING
ᎷϴᏆᎡᎪ🥀 || PJM Fanfiction || Onhold
Fanfictionනොහඳුනන ලෝකයක අතරමන් වී එකිනෙකා වෙනුවෙන් ආදරයේ මං පෙත් විවර කරගනිමින් ... ආදරයත් ❤වගකීමත් අතර සටනක .⚔️ සැඟවුණු රහසක් , අදහා නොගත හැකි විස්මයන් පිරි ලෝකයක් , උරුමකරුවන් , වීරයන් වන වීරයන් සහෝදරත්වෙයෙන් බැඳෙන උන්මාදජනක ගමනක් . Here , The ecstatic in...